ලංකා විදුලිබල මණ්ඩලය වාර්තාවෙන් හෙළිවේ — බාල ගල්අඟුරු නිසා කෝටි 767ක පාඩුවක්! | Bad Coal, Massive Loss — Rs. 767 Crore Hit
CEB
,
GOSSIP
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hot news
,
News
බාල ගල්අඟුරු නිසා කෝටි 767ක පාඩුවක්!
නැව්වාර අනුව අලාභ විස්තර
වාර්තාව අනුව සෘජු අලාභය නැව්වාර අනුව වෙනස් වන අතර, 8 වන නැව්වාරය තුළ පමණක් රුපියල් මිලියන 1,559.3ක අලාභයක් වාර්තා වී ඇත. සමස්ත අලාභය ගණනය කර ඇත්තේ බාල ගුණාත්මක ගල්අඟුරු භාවිතය හේතුවෙන් විදුලි ජනන ධාරිතාව අඩුවීම පදනම් කරගෙන වන අතර, විදුලි ඒකකයක පිරිවැය රු. 57.53 ලෙස සලකා ඇත.
පරීක්ෂණ හා ගණනය කිරීම්
නැව්වාර 1 සිට 6 දක්වා ගුණාත්මක පරීක්ෂණ වාර්තා 2025 පෙබරවාරි 11 වන විට ලැබී තිබේ.
ඉතිරි වාර්තා ද අදාළ අංශ වෙත යොමු කර ඇති බව සඳහන්ය.
සැපයුම්කරුගෙන් අය කළ හැකි දඩ මුදල් මෙම අලාභ ගණනයට ඇතුළත් කර නොමැත. එම මුදල් අයකරගත් පසු ශුද්ධ අලාභය වෙනස් විය හැකි බව ද වාර්තාව පෙන්වා දෙයි.
01 — 595.1
02 — 288.5
03 — 1,047.4
04 — 865.0
05 — 1,144.2
06 — 1,197.7
07 — 974.9
08 — 1,559.3
මුළු එකතුව — 7,672.1
පෙර වාර්තාවෙන් හෙළි වූ තත්ත්වය
2026 පෙබරවාරි 11 දින බලශක්ති අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ පෙර වාර්තාවකට අනුව, පළමු නැව් 4 හේතුවෙන් පමණක් රුපියල් මිලියන 3,026.74ක අලාභයක් සිදුව ඇති අතර, සැපයුම්කරුගෙන් අයකර ගත හැකි දඩ මුදල රුපියල් මිලියන 1,037ක් පමණක් බව හෙළිවී තිබේ. එමඟින් පෙනී යන්නේ දඩ මුදල් මගින් පමණක් සිදු වූ පාඩුව පියවා ගැනීම අපහසු බවයි.
තත්ත්වය තවදුරටත් උග්‍රවීමේ අවදානම
වාර්තාවට අනුව පළමු නැව් 4ට වඩා 5 සිට 8 දක්වා නැව්වල ගල්අඟුරු ගුණාත්මකභාවය තවත් පහළ වී තිබේ. මේ අතර ප්‍රශ්නගත සැපයුම්කරුගෙන් 9 වන නැව ගොඩබෑම ආරම්භ කර ඇති අතර, තවත් නැව් 15කට ආසන්න ප්‍රමාණයක් පැමිණීමට නියමිත බව සඳහන් වේ.
තත්ත්වය තවදුරටත් උග්‍රවීමේ අවදානම
වාර්තාවට අනුව පළමු නැව් 4ට වඩා 5 සිට 8 දක්වා නැව්වල ගල්අඟුරු ගුණාත්මකභාවය තවත් පහළ වී තිබේ. මේ අතර ප්‍රශ්නගත සැපයුම්කරුගෙන් 9 වන නැව ගොඩබෑම ආරම්භ කර ඇති අතර, තවත් නැව් 15කට ආසන්න ප්‍රමාණයක් පැමිණීමට නියමිත බව සඳහන් වේ.
සම්පූර්ණ අලාභය තවත් වැඩි විය හැකි බවට අනතුරු අගවයි
මෙම ගණනයට ඇතුළත් වන්නේ ජනන ධාරිතාව අඩුවීමෙන් සිදු වූ සෘජු අලාභය පමණක් වන අතර, හිඟ විදුලිය වෙනත් මූලාශ්‍ර (උදාහරණයක් ලෙස ඩීසල්) මගින් ලබා ගැනීමේ අමතර වියදම් මෙයට ඇතුළත් කර නොමැති බැවින්, සත්‍ය මුළු අලාභය මෙයට වඩා වැඩි විය හැකි බව වාර්තාව පෙන්වා දෙයි.


