Advertisement


ගුවන් හමුදා මූලස්ථානයේ සේවය කරන රොටුඹ දෙන්කන්දලිය පදිංචි තිස්එක් හැවිරිදි ගුවන් සෙබළියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබු පටිගත කිරිමේ ජංගම බස් රථය අතුරුදහන් බවට පලවන පුවත සාවද්‍ය එකක් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය කියා සිටී.

ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබු පටිගත කිරිමේ ජංගම බස් රථයක් අතුරුදහන්ව ඇති බවට පුවත්පත් මගින් ඊයේ (14) දිනයේ පුවතක් පල කර තිබිණි.

සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

එම පුවතට අදාල NA-7580දරණ බස් රථය 2015 ජනවාරි 9 වනදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්විමටත් පෙර ජනාධිපති මාධ්‍ය අංශය විසින් බාහිර පටිගත කිරිම් සදහා යොදාගත් බස් රථයකි.

ඒ වන විට එම බස් රථය ඉතා අබලන් තත්වයේ තිබු අතර එය මාධ්‍ය කටයුතු සදහා යොදා ගන්නා විශේෂිත බස් රථයක් නොව මගී ප්‍රවාහනය සදහා යොදා ගන්නා බස් රථයක් අලුවැඩියා කර මාධ්‍ය කටයුතු සදහා යොදා ගෙන තිබු බස් රථයක් විය.

පසුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන අංශය විසින් එම බස් රථය අලුත්වැඩියා කල අතර එවකට මාධ්‍ය අංශය සතුව තිබු භාණ්ඩ යොදාගනිමින් නැවත එම බස් රථය බාහිර පටිගත කිරිමේ කටයුතු සදහා යොදාගන්නා ලදි.

දිගින් දිගටම එම බස් රථයේ පැවති කාර්මික දෝෂ හේතුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම බස් රථය ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශයට භාරදුන් අතර එම බස් රථය තුල තිබු මාධ්‍ය අංශයට අයත් භාණ්ඩ ජනාධිපති මාධ්‍ය අංශයේ ගබඩාව වෙත භාර දෙන ලදි.

මේ පිළිබදව වත්මන් ජනාධිපති ගරු ගෝටාභය රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය අංශයේ ඉහළ නිලධාරින් වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ එවකට මාධ්‍ය අංශයේ සිටි අධ්‍යක්ෂකවරුන් විසින් කල විමසිමකදි අදාල බස් රථය මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථ ගාලක ඇති අතර මාධ්‍ය කටයුතු සදහා යොදා ගන්නා භාණ්ඩ විධිමත්ව ජනාධිපති මාධ්‍ය අංශයේ ගබඩාවේ ඇති බව තහවුරු කරන ලදී.

එම නිසා මෙම බස් රථය සහ එහි තිබු භාණ්ඩ අතුරුදහන් වි ඇති බවට පළවන පුවත පදනම් විරහිත සාවද්‍ය පුවතක් වන අතර එකී පුවත පලකල සියලු මාධ්‍ය ආයතනවලට එම පුවත නිවරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements