Advertisement


ගුවන් හමුදා මූලස්ථානයේ සේවය කරන රොටුඹ දෙන්කන්දලිය පදිංචි තිස්එක් හැවිරිදි ගුවන් සෙබළියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

කොරෝනා වැළඳුනු ඇඟලු‍ම් කර්මාන්ත ශාලා සේවිකාවගේ සැමියා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව තුළින් බවයි.
මුළු රටම එකවර නිරෝධායනය කළ යුතු තත්ත්වයකට ශ්‍රී ලංකාවට මෙතෙක් පැමිණ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ ගැන තමන් බොහෝ දුරට සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

ඇතිව තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේදී අද අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

රටට කිසිවකුට ඇතුළු වීම නැවැත්වීම තුළින් වෛරසය පාලනය කළ හැකි වනු ඇති බවත් එම තීන්දුව ගත් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයිය මේ බව පැවසීය.
ශ්‍රී ලංකාව දින කිහිපයකට වසා දමනු ඇති බවට සමාජ ජාල ඔස්සේ තොරතුරු පැතිර යමින් තිබේ.

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ද තම සමජ ජාල ගිණුම්වල ඊට සමාන්තර අදහස් පල කරනු නිරීක්ෂණය කළ හැකිය.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා දින කිහිපයක් නිවාඩුවක් ප්‍රකාශයට පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබූ අතර
එය පාදක කරගනිමින් මෙම මතවාදය ඇතිවී තිබේ.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වන රෝගීන් ඇතුළත් කිරීම සඳහා අයි.ඩී.එච්. රෝහල වෙනුවට වැලිකන්ද ප්‍රදේශයේ අලුතින් ​රෝහලක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇතුළත් කිරීම සඳහා අලුතින් රෝහලක් ආරම්භ කිරීමට කටයුතු යෙදූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කර සිටිනවා. ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටින්නේ.
මෙරට කොරෝනා වෛරස ආසාදන පුද්ගලයන් සියළු දෙනාම මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික උණ රෝහලේ බව එම රෝහලේ ඒකලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරයි.

දැනට එම රෝගීන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ එක් අයෙකු පමණක් යැයිද ඔහු පැවසීය.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හදුනාගෙන තිබේ.
නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට පුරා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements