Advertisement

කොළඹ නග­රයේ සිටින හා පිට පළා­ත්ව­ලින් කොළ­ඹට එන සෑම පුද්ග­ල­ය­කුම දින­කට කුණු කසළ ග්රෑම් 850ක් පරි­ස­ර­යට බැහැර කරන බව අලුත්ම සමීක්ෂණ වාර්තා මගින් සොයා ගෙන තිබෙන කරුණක්. එසේම බස්නා­හිර පළාතේ හා ඒ අවට ප්‍රධාන නග­ර­ව­ලට ද ඒ ගැට­ලුව ඇති අතර ඒ අනුව ඒ නග­ර­ව­ලට එන පුද්ග­ල­යකු පොදුවේ දව­ස­කට අප­ද්‍රව්‍ය ග්රෑම් 700 – 750 ප්‍රමා­ණ­යක් ඉහත නග­ර­ව­ලට බැහැර කරනු ලබන අතර, අර්ධ නගර හා ග්‍රාමීය ප්‍රදේ­ශ­වල එක් පුද්ග­ල­ය­කුගේ කසළ බැහැර කිරීම ග්රෑම් 500 – 300 දක්වා අතර අගයක් ගනු ලබන බවයි හෙළිවී ඇත්තේ.

පසුගිය කාලය පුරාවටම කසල නිසි කළමනාකරනයකින් තොරව ඔහේ දැ කිසියම් හෝ ස්ථානයක තාවකාලිකව ගොඩ ගැසීම නිසා ඛේදවාචකයක් වූ බව මීතිටමුල සිදුවීමෙන් අපට ගත හැකි උදාහරණ වේ. මැතිවරණ කාලයට විවිධ පොරොන්දු දී බලයට පත් වූවත් කොළඹ සහ තදාසන්න නගරවල එකතුවෙන කසල ප්‍රමාණයට විසඳුම් සොයා ගැනීමට ඒ ඒ නග සභා සහ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන්, සභාපතිවරුන් මෙන්ම නගරාධිපතිවරුන්ද තවමත් සමත් වී නැත.
රටේ සිදුවන සංවර්ධනය ජනතාවගේ පරම අයිතිය නම්, එය භෞතික සංවර්ධනයකට පමණක් සීමා නොකොට, එම සංවර්ධනය භුක්තිවිඳීමට සුදුසු මානව ප්‍රජාවක් බිහිකළ යුත්තේමය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements