Advertisement

ජීවිත බේරා ගැනීමට අවයව දන් දී අකලට මිලින වූ රටක් වටින මලියදෙව් තරුව ප්‍රවීන්

කුරුණෑගල මලිය⁣දේව බාලිකා විද්‍යාලයේ විහඟනා ආරියසිංහ සිසුවිය තම අවයව පරිත්‍යාග කර සතයක කාලයක් ගත වීමටත් පෙර හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මොළය මිය ගිය කුරුණෑගල මලිය⁣දේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ අවයවද ජීවිත රැසක් බේරා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමේ ශෝචනීය පුවතක් වාර්තාවේ.

කුරුණෑගල දෙමටළුව ප්‍රදේශයේ පදිංචිව සිටි මලිය⁣දේව විදුහලේ උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබමින් සිටි ප්‍රවීන් බණ්ඩාර සිසුවාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට පරිත්‍යාග කිරීමට පෙරේදා (3) දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ලබාගෙන ඇත.
විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු හත් දෙනෙකුට ජීවිතය දී අකාලේම මෙලොව හැරගිය මලියදේවයේ විහගනාගේ ජීවිත කතාව

ලැබෙනඋ මද විවේකය තුළ පවා පවුලේ ආර්ථිකයට ශක්තියක් වීම පිණිස ඇය කඩදාසි බෑග් ඇලවූවාය. ඒවා පොළට ගොස් අලෙවි කරන ලද්දේ අම්මා විසින්ය

පවුලේ සමීපතමයන්ට ඇය ‘බට්ටී’ විය. කඩිසරව ගෙදර දොර වැඩ කටයුතු ආදියෙහි නිරතවීමත් පවුලෙහි අනිකුත් සාමාජිකයන් කෙරෙහි දක්වන ලද දැඩි ළෙංගතු බවත් හේතුවෙන් එවැනි ආදරණීය ආමන්ත්‍රණයකින් පවුලේ අනිකුත් අය විසින් ඇයව ඇමතුවා විය හැක.

 අධ්‍යාපන කටයුතු ආදියෙහි ද ඇය කිසිවෙකුටත් දෙවෙනි වී නැත. එබැවින් පාසල් සිසුවියක් ලෙසද ඇය බොහෝ දක්ෂතා පෙන්වීමට සමත් සිසුවියක් වූවාය. වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි බට්ටි ගේ ලොකුම සිහිනය බවට පත්ව තිබී ඇත්තේ A සාමාර්ථ තුනක් ලබා ගනිමින් උසස් පෙළ ඉහළින් ජය ගැනීමය. ඇය දිවා රෑ වෙහෙසුනේ ඒ සඳහාය. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements