ජීවිත බේරා ගැනීමට අවයව දන් දී අකලට මිලින වූ රටක් වටින මලියදෙව් තරුව ප්‍රවීන් | Maliyadeva College
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
maliyadeva college
,
News
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විහඟනා ආරියසිංහ සිසුවිය තම අවයව පරිත්‍යාග කර සතයක කාලයක් ගත වීමටත් පෙර හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මොළය මිය ගිය කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ අවයවද ජීවිත රැසක් බේරා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමේ ශෝචනීය පුවතක් වාර්තාවේ.
කුරුණෑගල දෙමටළුව ප්‍රදේශයේ පදිංචිව සිටි මලියදේව විදුහලේ උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබමින් සිටි ප්‍රවීන් බණ්ඩාර සිසුවාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට පරිත්‍යාග කිරීමට පෙරේදා (3) දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ලබාගෙන ඇත.
ප්‍රවීන් බණ්ඩාර ශිෂ්‍යයා තම මව සහ තම බාල සොයුරා හා සොයුරිය සමඟ ඥාතියෙකු බැලීමට ගොස් ආපසු නිවස වෙත පැමිණෙමින් සිටින විටදී පසුගිය 31 වන දින රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව තිබේ.
වීරඹුගෙදර කළුගමුව මාර්ගයේදී ඔවුන් ගමන්ගත් ත්‍රීරෝද රථය කන්ටේනර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
කිසිවෙකු බලාපොරොත්තු නොවූ මෙම අවාසනාවන්ත අනතුරින් ප්‍රවීන්ගේ මව අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇත.
අනතුරෙන් ප්‍රවීන්ගේ සොයුරාගේ මුහුණට සහ සොයුරියගේ අතකට තුවාල සිදුව ඇත.
ත්‍රිරෝද රථය පැදවූ ඔවුන්ගේ අසල්වැසි රියැදුරා අනතුරෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර මේ වනවිට ලබමින් සිටී.
මෙම අනතුරෙන් හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ප්‍රවීන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.
එහෙත් කිසිවෙකු නොසිතූ ලෙස අවාසනාවකට ඔහු ජීවත් කරවිම සඳහා වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයකින් ප්‍රතිකාර ලබා දෙමින් තිබුණද, හිසට සිදුව තිබූ හානිය බරපතළ විමෙන් ඔහුගේ මොළය මියගොස් ඇති බවට ප්‍රතිකාර ලබා දුන් විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇත.
ඒ අනුව ප්‍රවීන්ගේ පියාගේ කැමැත්ත මත හෘදය, පෙනහළු, අක්මාව, වකුගඩු, අක්ෂි පටල වෙනත් අසාධ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා ප්‍රවීන්ගේ සිරුරෙන් ඉවත් කරගෙන තිබුණි.
ප්‍රවීන්ගේ ආදරණීය මෑණියන්ගේ අවසන් කටයුතු සිදුකර දිනක් ඇතුළතදී මේ සියල්ල සිදුවීමද විශේෂත්වයකි.
කුඩා කළ සිටම අධ්‍යාපන කටයුතුවලට සුවිශේෂී දක්ෂතාවයක් දැක්වූ ප්‍රවීන් වයඹ රාජකීය විදුහලෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්ව එම ප්‍රතිඵල මත හය ශ්‍රේණිය සඳහා මලියදේව විදුහලට ඇතුළත්ව තිබේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද විශිෂ්ඨ සාමාර්ථ නවයක්ම ලබමින් සමත්වූ ඔහු පසුගිය වසරේදී විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා උසස් පෙළට ඇතුළත්ව ඇත.
ඔහු ඉගෙනුමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සඳහාද සුවිශේෂී දස්කම් පෑ සිසුවෙක් වූ අතර මේ දස්කම් හේතුවෙන් ඔහු මලියදේවයේ කීර්තිමත් ශිෂ්‍ය නායකයෙකු ලෙසද පත්ව සිට තිබේ.
සංගීත විෂයයෙහි දැක්වූ සුවිශේෂී හැකියාව නිසාම සංගීත විශාරද විභාගයද සමත්වී සිටි ප්‍රවීන් පසුගියදා අවසන්වූ කුරුණෑගල මලියදේව ශාන්ත ආනා දෙවිදුහල් අතර පැවති වාර්ෂික මහා ක්‍රිකට් තරගය සඳහා මලියදේව විදුහල වෙනුවෙන් ගීතයක්ද නිර්මාණය කර තිබුණි.
ප්‍රවීන් එම ගීතය නිර්මාණය කර එම ගීතය ගායනා කිරීමටද හවුල් වී තිබීම විශේෂත්වයකි.
ක්‍රිකට් තරගය අවසන් වීමෙන් අනතුරුව කුරුණෑගල නගරයේ පැවති අතිරේක පන්තියකටද සහභාගි වූ ප්‍රවීන් කුරුණෑගලට පැමිණ සිටි තම මව, සොයුරිය හා සොයුරා සමඟ පවුලේ සමීප ඥාතියෙකු බැලීම සඳහා වීරඹුගෙදර ප්‍රදේශයට ත්‍රීරෝද රථයකින් ගොස් පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.