ත්‍රස්තවාදි පුහුණුව ලබා සැගව සිටි ප්‍රධාන ලද ප්‍රධාන පෙලේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනී
Arrested
,
gossip
,
gossip lanka
,
News
,
suspects
පාස්කු ඉරුදින බොම්බ පිපිරිවිමට සම්බන්ධ ත්‍රස්තවාදි පුහුණුව ලබා සැගව සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් යුධ හමුදාව මගින් අද (28) අලුයම අත්අඩංගුවට ගෙන ගම්පොල පොලිසියට භාර දි ඇති බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.
නාවලපිටිය නගරයේ මුස්ලිම් පල්ලි අරාබි විදුහල් සහ සැක සහිත ස්ථාන යුධ හමුදාව , නාවලපිටිය පොලිසිය , පොලිස් විශේෂ කාර්යය බලකාය ,ඊයේ (27) දින සිදු කල සොදිසි මෙහෙයුමකදි අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ගම්පොල නගරයේ පාවහන් වෙළදසැලක සැගවි සිටින බවට ලබාදුන් තොරතුරක් මත නාවලපිටිය පොලිසිය මගින් එ පිලිබදව යුධ හමුදාව වෙත දැනුම් දිමෙන් අනතුරුව අද අලුයම එම ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනා යුධ හමුදාව මගින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දි ඇත.





