Featured News

Video Gossip

Advertisement

පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව ඊයේ (1) රාත්‍රී 9.30ට පමණ පමණ නැවත ඉන්දියාවට පැමිණියේය. 

සාමයට අත දිගු කිරීමක් ලෙසින් ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුව අමතමින් පසුගියදා (28) පැවැසීය.

ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දෙන ලද්දේ ඒ අනුවය. කෙසේ නමුත් වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් දේශසීමාව පසු කරමින් ඉන්දියාවට පැමිණියේ අපේක්ෂා කළ වේලාවට පැය කිහිපයකට පසුවය.ඒ, ඉන්දු - පාකිස්ථාන වගා අතාරී දේශසීමාවේ පැවති හමුදා පිළිගැනීමේ උත්සවයක් ද සමගින්.

පාකිස්තාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් හමුදාවේ නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් අද (1) පස්වරුවේ ඉන්දීය බලධාරීන් වෙත බාර දෙන බව පාකිස්තාන විදේශ අමාත්‍ය ෂහ් මහ්මූද් කුරේෂි එරට පාර්ලිමේන්තුව අමතමින් අද (1) පෙරවරුවේ පැවැසීය.

කෙසේ නමුත් රාත්‍රී 8 පසුවන තුරුත් ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දීය බලධාරීන් වෙත බාර දී නොතිබිණි. වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දීමට නියමිතව තිබුණේ පාකිස්තානයේ ලාහෝර් නගරයට නැගෙනහිරින් පිහිටි වගාහ් දේශසීමාවේදී ය. එය වාර්තා කිරීමට දෙරටේම මාධ්‍යවේදීන් පැමිණ සිටි දෙරටේම විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දීම ප්‍රමාද වීමත් සමඟ එහි පැමිණ සිටි ජනතාව කෙමෙන් කෙමෙන් අඩුවිය. 

මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් දෙරටේම බලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව  විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි. පසුගිය 26 වැනිදා ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තාන දේශසීමා උල්ලංඝණය කරමින්, පාකිස්තානයට පැමිණ පාකිස්තානයේ බලාකෝත් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස පාකිස්තාන ගුවන් හමුදාව පෙබරවාරි 27 වැනිදා ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා කිහිපයකට ප්‍රහාර එල්ල කළේය.

ඉන්දු පාකිස්තාන දේශසීමාවේදී ඉන්දියාව දෙසින් පියාසර කරන්න වූ ඉන්දීය ප්‍රහාරක යානා දෙකකට පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පහර දුන්නේය. උඩු ගුවනේ ගුවන් යානා එකිනෙක වෙඩි හුවමාරු කර ගනිද්දී, එක් ඉන්දීය ප්‍රහාරක යානයක් පාකිස්තානයට කඩා වැටුණි. පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වූයේ එම ප්‍රහාරක යානයේ නියමුවා වූ අභිනන්දන් වර්තාමන් ය. අභිනන්දන් වසර 16 ක පළපුරුද්දක් ඇති ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවකු යැයි ද ඔහු දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියකු යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.  

ඉන්දීය ප්‍රහාරක යානා නියමුවන් දෙදෙනකු තම අත්අඩංගුවේ පසුවන බව පාකිස්තාන යානා ඉන්දීය ප්‍රහාරක යානාවලට පහර දුන් අවස්ථාවේදී පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ඝෆූර් ප්‍රකාශ කළේය. ගුවන් නියමුවන් දෙදෙනාම යහතින් පසුවන බව පැවැසුවත් ප්‍රසිද්ධියට පත්වූයේ භිනන්දන්ගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් පමණි. උඩු ගුවනේ සිදු වූ ගැටුමේ දී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන ප්‍රහාරක යානයක් ද කඩා වැටුණු බව ඉන්දියාව ප්‍රකාශ කළත් පාකිස්තානය එය ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.  



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements