Featured News

Video Gossip

Advertisement

මේ සිව් දෙනාගෙන් තිදෙනකුම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් බව බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශවල පදිංචි මෙම ත‍්‍රස්තවාදීන් සිව්දෙනා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු නායක මොහොමඞ් සහරාන් සමග ඉතා සමීපව කටයුතු කළ අය බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

මෙම ත‍්‍රස්තවාදීන්ගෙන් තිදෙනකු පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වීමෙන් පසු සෞදි අරාබියට පැනගොස් ඇති අතර එක් ත‍්‍රස්තවාදියකු ගොස් ඇත්තේ ප‍්‍රහාරය එල්ලවීමට දින කීපයකට පෙර බවද බුද්ධි අංශ විසින් හෙළි කරගෙන ඇත.

මෙම ත‍්‍රස්තවාදීන් පිළිබඳව බුද්ධි අංශ විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා සෞදි අරාබියට තොරතුරු ලබාදී තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සෞදි පොලිසියෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ත‍්‍රස්තවාදීන් අල්ලා ගැනීම සඳහා මෙරට බුද්ධි අංශ සාමාජිකයන් පිිරිසක් සෞදි අරාබියට ගොස් සිටි අතර සෞදි පොලිසිය සමග ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ත‍්‍රස්තවාදීන් සිව්දෙනා දින කීපයකින් ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට නියමිතය. පැනගිය තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදීන් තවදුරටත් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය කටයුතු කරමින් සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements