Featured News

Video Gossip

Advertisement

යටිනුවර ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු (පොහොට්ටුව) හෙරොයින් ග්‍රෑම් 02කයි මිලිගෑම් 970ක් සමග මහනුවර මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මහනුවර මත්ද්‍රව්‍ය නාශක අංශයේ උපපොලිස් පරික්ෂක හර්ෂ මධුසංඛ මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ (20) රාත්‍රී 11.30ට පමණ රණවන පිහිටි ඔහුගේ හෝටලය පරික්ෂා කිරිමේදි මෙම හෙරොයින් ප්‍රමාණය මන්ත්‍රීවරයා සන්තකයේ තිබි අත් අඩංගුවට ගෙන ඇත.

සැකකාර මන්ත්‍රිවරයා මෙම හෙරොයින් යම් කිසි ප්‍රදේශවලට බෙදා හරින්නේද යන වග හා මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයා අද (21) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්. කල්දේරා මහතා ප්‍රමුඛ පේරාදෙණිය පොලිස් නිලධාරින් විසින් සිදුකරනු ලබන බව පේරාදෙණිය පොලීසිය පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements