Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්‍ෂ පහ බැගින්වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (09 දා)  නියෝග කළාය. 

එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන මිනීමැරීමේ චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බවට නිගමනය කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

සැකකරුවන් දෙදෙනා මේ වන විට ප‍්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලට හා පොලිස් රෝහලට ගොස් ඇප බැඳුම්කරවලට අත්සන් ලබාගන්නා ලෙසට අධිකරණය රෙජිස්ට‍්‍රාර්වරියට නියෝග කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය රෝග තත්ත්වය සුව වූ පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප‍්‍රකාශ ලබාදෙන ලෙසට ද සැකකරුවන්ට නියෝග කළාය.

එම සැකකරුවන් විමර්ශන නිලධාරීන් හෝ අධිකරණය මගහරින බවට හෝ පලා යාමට ඉඩ ඇති බවට කරුණු ඉදිරිපත් වී නොතිබීම මෙන්ම සිය ඇප නියෝගය මගින් මහජන කැළඹීමක් ඇතිවන බවට කරුණු ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය. සැකකරුවන් දෙදෙනාට එරෙහිව පැමිණිල්ල විසින් මිනීමැරීමේ චෝදනාවට අමතරව ඉදිරිපත් කර ඇති සෙසු චෝදනා ද පවත්වාගෙන යාමේ අසීරුතාවක් පවතින බව එම ඇප නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන් මහෙස්ත‍්‍රාත්වරිය නීතිපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති සෙසු චෝදනා තම අධිකරණය විසින් නීතිමය බැඳීමකට ලක්කරන චෝදනා නොවන බැවින් නීතිපති ලබාදෙන ලද උපදෙස් මතම ක‍්‍රියාකිරීමට තම අධිකරණය බැඳී නොමැති බව කියා සිටියාය.

ඇප පනත යටතේ එම සැකකරුවන්ට ඇපදීමේ බලයක් ඇති බවත් පොලිසිය ඉල්ලා සිටින නිසාම කෙනෙකු රක්‍ෂිත බන්ධනාගාර ගත නොකළ යුතු බව මෙන්ම විමර්ශකයන්ගේ මනදොළ සපුරාලීම සඳහා අධිකරණය ක‍්‍රියා නොකළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් පෙර නඩු තීන්දු අනුව පැහැදිලි වන බවත් මහෙස්ත‍්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙසට ජනාධිපති විමර්ශන මණ්ඩලය විසින් නිර්දේශ කර ඇතත් පැමිණිල්ල විසින් සැකකරුවන්ගේ ප‍්‍රකාශ ලබා ගැනීමකින් තොරව එකී චෝදනා නගා තිබීම අනුවම නිසියාකාර විමර්ශනයක් සිදුවී නොමැති බව තම අධිකරණයට පෙනී යන බවද මහෙස්ත‍්‍රාත්වරිය පෙන්වා දුන්නාය. සැකකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ විමර්ශන කළ යුතු බවට ජනාධිපති විමර්ශන මණ්ඩලය විසින් පවා පිළිගෙන තිබියදීත් එලෙස සිදුනොකර රාජකාරිමය වගකීම් පැහැර හැරියේ යැයි චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බව තම අධිකරණයට පෙනී යන්නේ යැයිද එහිදී පෙන්වා දුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ජනාධිපති විමර්ශන මණ්ඩලය පාර්ලිමේන්තුව විසින් නිසි බලය සහිත පනත් යටතේ පත් නොකළ කමිටුවක් වන බැවින් එමගින් ලබාදෙන ලද නිර්දේශ අධිකරණ බලයක් සහිත නිර්දෝශ ලෙස පිළිගැනීමේ හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නාය.

දෙවන සැකකාර පූජිත් ජයසුන්දර මහතා පළපුරුදු නිලධාරියකු වන බැවින් එකී ප‍්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු අනුව ඔහු ඉතාමත් ප‍්‍රශස්ත මට්ටමින් ක‍්‍රියාකර නොමැති බව තම අධිකරණයට ද පෙනී යන නමුත් එකී රාජකාරිමය වගකීම් පැහැර හැරීම මිනීමැරීමේ චෝදනා එල්ල කළ ආකාරයේ ඒවා නොවන බව පෙනී යන බවද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය පැවසුවාය.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා විසින් එකී සැකකරුවන්ට එම ප‍්‍රහාර සම්බන්ධ දැනුවත් කර ඇත්තේ ඉතා වැදගත් බුද්ධි තොරතුරක් ලබාදිය යුතු ආකාරයෙන් නොවන බව පෙනී යන බව පැවසූ මහෙස්ත‍්‍රාත්වරිය එක්තරා අවිනිශ්චිත තොරතුරක් හාපුරා කියා සමාජයට මුදාහැරීම ඒ වනවිට පැවැති වතාවරණය අනුව ගැටුම්කාරී තත්ත්වයක් උදාවිය හැකිව තිබූ කරුණක් වන බව තම අධිකරණයට පෙනී යන්නේ යැයිද කීවාය.

තමා ලබා දෙනුයේ විමර්ශන මට්ටමේ පවතින සනාථ නොවූ කරුණක් සම්බන්ධයෙන් වන බැවින් අන් පාර්ශවයක් ඒ පිළිබඳව විවෘත විමර්ශනයක් සිදු කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බව රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා දැනුම් දී තිබීම පිළිබඳවද තම අධිකරණයේ අවධානය යොමු වූ බවද මහෙස්ත‍්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡුා කෙරෙන ජාතික ආරක්‍ෂක කවුන්සලයේ රැුස්වීම්වලට පළමුවන සැකකාර හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ සහභාගීත්වය අනවශ්‍ය බව ඉහළ බලධාරීන් විසින් දන්වා තිබූ පසුබිමක් අනුව එම සැකකරුට එකී ප‍්‍රහාර ගැන ලැබුණ තොරතුරු අනුව කටයුතු කිරීමේ හැකියාව අහිමි කිරීමක් සිදුවී ඇති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයිද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී පෙන්වා දුන්නාය.

සැකකරුවන් එනම් සෘජුව එකී අපරාධ සිදුකළ බවට සාක්‍ෂි නොමැතිව තිබියදී එම සැකකරුවනට මිනීමැරීමේ චෝදනා නැගීමේ හැකියාවක් නොමැති බව පැවසූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පිටසක්වලින් පැමිණි ජීවීන් මෙන් කටයුතු නොකර අධිකරණය යථාර්ථවාදීව කරුණු සලකා බලා නියෝග ලබාදිය යුතු බව එකී නියෝගය ප‍්‍රකාශයට පත්කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පෙන්වා දුන්නාය.

විමර්ශනවල ප‍්‍රගතිය ලබන 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

මේ අතර මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ නිකුත් කරන ලද එම නියෝගයට එරෙහිව මහාධිකරණයට ප‍්‍රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කළේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook