Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පටිගත කරන ලද දුරකතන සංවාද සම්බන්ධ බාහිර දෘඩ තැටිය (External Hard Drive) පොලිසිය වෙත ලැබුණු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කරමින් පොලිස් මූලස්ථානය මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ 2020 ජනවාරි මස 02 වැනි දින බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු තම ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් යමින් සිටි පුද්ගලයෙකු අමතකවීමෙන් දමා ගිය External Hard Drive එක මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා නිලධාරියා වෙත ගෙනවිත් භාරදී ඇති බවයි.

එහිදී රන්ජන් රාමනායක විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු මහාධිකරණ විනිසුරු පද්මනි එන්. රණවක, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන් මෙන්ම පොලිසිට සම්බන්ධ නිලධාරීන් සමග සිදු කළ දුරකතන සංවාද ඇති බව අනාවරණය වී තිබෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements