Featured News

Video Gossip

Advertisement

යුද්ධය අවසන් වූ දිනයේ සිට 2019 වසර අවසානය දක්වා වූ කාලය ඇතුළත මන්නාරම් දිස්ත්‍රික්කය තුල දෙමළ තරුණියන් 2026 දෙනෙකු මුස්ලිම් තරුණයින් සමග විවාහ වී ඇති බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය විසින් සිදු කල සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

නමුත් මේ කාලය ඇතුළත දෙමළ තරුණයින්ව විවාහ කරගෙන ඇති මුස්ලිම් තරුණියන්ගේ සංඛ්‍යාව 12 ක් පමණි.

2010 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලය ඇතුලත මන්නාරමේ අවිවාහක තරුණ වයසේ පුද්ගලයින් 71868 දෙනෙකු ජීවත් වී ඇති අතර ඔවුන්ගෙන් 34494 කු පිරිමින් වූ අතර ඉතිරි 37374 දෙනා තරුණියෝ වූහ.

මන්නාරමේ තරුණ තරුණියන්ගේ විවාහයන් දෙස බලන විට දෙමළ තරුණියන් මුස්ලි තරුණයින් සමග විවාහ වීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව පෙන්වා දෙන මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය ඒ සදහා බලපාන ලද හේතු වශයෙන් හේතු පහක් අනාවරණය කරගෙන තිබේ.

එම හේතු පහෙන් ප්‍රධාන හේතු තුනක් ඇති බව සමීක්ෂණ වාර්තාවේ සදහන් කරණ නිලධාරීන් යුද්ධය හේතුවෙන් දෙමළ තරුණයින් විශාල පිරිසක් මියයාම හා අතුරුදහන් වීම නිසා දෙමළ තරුණියන් මුස්ලිම් තරුණයින්ව විවාහ කරගැනීම සදහා වැඩි ප්‍රවණතාවයක් දක්වා ඇති බව සදහන් කරයි.

දෙවන කාරණාව වශයෙන් සදහන් කොට ඇත්තේද යුද්ධය හා සම්බන්ධ වූ කාරණයක් වන අතර නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ යුද්දය නිසා මන්නාරමේ වැසියන්ගේ සමාජ අර්ථික පසුබිම සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසා දෙමළ පවුල් මුහුණ දුන් ආඅර්ථික ධරිද්‍රතාවය නිසා දෙමළ තරුණියන් ව්‍යාපාරික මුස්ලිම් තරුණයින් සමග විවාහ වී ඇති බවයි.

දෙමළ ජන සමාජය තුල හා ඔවුන්ගේ සංස්කෘතිය තුලදී විවාහ වීමේදී දෑවැද්දක් ලබා දීම අනිවාර්ය ලක්ෂණයක් නිසා ආර්ථික ධරිද්‍රතාවය හමුවේ දෑවැද්දක් සොයා ගැනීමට නොහැකි නිසා දෙමළ තරුණියන් දෑවැද්දක් ඉල්ලා නොසිටින මුස්ලිම් තරුණයින් සමග විවාහ වී ඇති බව පෙන්වා දී තිබේ.

දෙමළ සමාජය තුලදී ඉතා තදින්ම සැලකෙන කුල ක්‍රමය නිසා පහත් කුල වල තරුණයින් විවාහ කර ගැනීමට දෙමළ ජන සමාජයෙන් ඉඩක් නොලැබීම නිසා මුස්ලිම් තරුණයින්ව තෝරා ගෙන ඔවුන්ට ආදරය කිරීමට දෙමළ තරුණියන් වැඩි නැඹුරුතාවයක් දක්වා ඇති බවද සමීක්ෂණ වාර්තාවේදී හෙළි කොට තිබේ.

ආදර සම්බන්ධකම් පවත්වා ගෙන යාමට මන්නාරම පළාතේ දෙමළ තරුණයින් හිග වීම නිසා දෙමළ තරුණියන් මුස්ලිම් තරුණයින්ට ආදරය කොට ඔවුන් සමග විවාහ වී ඇති බවද සදහන් වී තිබේ.

මුස්ලිම් තරුණයින් ආදරය කිරීමේදී රූ සපුව කෙරෙහි සැලකිල්ලක් දැක්වීම නිසා මන්නාරමේ කෝටිපති ව්‍යාපාරික තරුණයින් ඉතා ලස්සන දෙමළ තරුණියන්ව විවාහ කරගෙන සිටින බවද සමීක්ෂණ වාර්තාවේ අතුරු කරුණු වශයෙන් කල විස්තරයේ සදහන් වේ.

කළින් මුස්ලිම් කාන්තාවන් සමග විවාහ වී සිටි මන්නාරමේ මුස්ලිම් ජාතිකයින් ඔවුන්ගෙන් නීත්‍යානුකූලව දික්කසාද වී දෙමළ තරුණියන්ව විවාහ කරගෙන සිටින අවස්ථා ඇති බවද එම වාර්තාවල සදහන් කොට තිබේ.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements