Advertisement

පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිත විශේෂ බන්ධනාගාරය අද (25) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

බූස්ස බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති මෙම කොටසේ ප්‍රධාන පෙලේ පාතාල අපරාධකරුවන් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විශේෂ ගණයේ සැකකරුවන්ගේ රඳවා තැබීමට නියමිතයි.

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගනයේ රැඳවියන් 22 දෙදනකු පොලිස් විශේෂ කාර්ය බළකාය යටතට පත්කර ඇති අතර තවත් 100 කට අධික පිරිසක් වැලිකඩ සහ වෙනත් ස්ථානවල සිට එහි යැවීමට නියමිතයි.

මෙහි විශේෂ ගණයේ අපරාධකරුවන් සඳහා ආරක්ෂිත සිර කුටි 46 ක් සකස්කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බන්ධනාගාරය තුළට යන අමුත්තන් , නිලධාරීන් හා රැඳවියන් පරීක්ෂා කිරීම සිදුවනවා.

CCTV කැමරා සහ තවත් නවීන ආරක්ෂක උපාංග ද එහි සවිකර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements