මගේ මහත්තයා ඉන්නේ රට - ඔයා මේකට කෝල් ගන්න එපා - දහතුන් හැවිරිදි දැරිය රවටා පැහැරගෙන ගිය තරුණයා පොලිස් නිලධාරීනිය කොටු කර ගත් හැටි
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
police
,
web gossip
අපි දෙන්නා හමුවෙලා කළුතර බෝධිය වඳින්න යමුද?
එහෙම වුණොත් මට නැති ප්‍රශ්න ඇතිවෙයි. අනේ ප්ලීස්
13 හැවිරිදි දැරියක් අඹුකමට තබාගෙන අත්හැර දමා සැඟවී සිටි සැකකරුට ආදරය පෙන්වා පොලිස් කාන්තාවක මඟින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් බොරලැස්ගමුව පොලිසියෙන් වාර්තාවේ.
මුහුණුපොත ඇසුරින් 2019 වසරේදී සැකකරු දැන හඳුනාගෙන තිබූ 13 හැවිරිදි දැරිය රවටාගෙන දින දෙකක් බළන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක නවතාගෙන ලිංගික අතවර කිරීමෙන් පසු එම දැරිය බොරලැස්ගමුව නිවෙස ආසන්නයට ඇරලවා එම සැකකරු පලාගොස් තිබූ බව පොලිසිය කියයි. අනතුරුව සති දෙකකට පමණ පසු එම දැරිය නැවතත් රවටාගෙන ඇඹිලිපිටිය සැකකරුගේ ගම් ප්‍රදේශයට රැගෙන ගොස් දින කිහිපයක් එහි රඳවාගෙන නැවතත් බොරලැස්ගමුවට ඇරලවා පලාගොස් ඇත.
2019 අගෝස්තු 3 වැනිදා සිදුවූ මෙම සිදුවීම බොරලැස්ගමුව පොලිසිය වෙත සැලවීමත් සමඟ ඒ පිළිබඳව නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගැනිණි. ඒ අනුව දැරිය අධිකරණ නියෝග මත පරිවාස භාරයට පත්කෙරුණු අතර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.
එදින සිට මේ දක්වා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම පොලිස් නිලධාරීන් උත්සාහ කළද සැකකරු පදිංචි ස්ථානය නිශ්චිත ලෙස සොයා ගැනීමට නොහැකිවූයෙන් එය අසාර්ථක වූ බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදන ලෙස කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිනියට උපදෙස් ලබාදී සැකකරුගේ ජංගම දුරකථන අංකයද ඇය අතට පත් කිරීමට පොලිසිය කටයුතු යෙදීය. පොලිස් නිලධාරිනිය සැකකරුගේ ජංගම දුරකථනයට මිස් කෝල් එකක් (මඟහැරුණු ඇමතුමක්) ලබා ගැනීමට කටයුතු කිරීමෙන් පසු මඳවේලාවකදී එයට ප්‍රතිචාර වශයෙන් සැකකරුගෙන් ඇමතුමක් පොලිස් කාන්තාවට ලැබුණු බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරිනිය බියපත් වූ ආකාරයෙන් එම ඇමතුමට ප්‍රතිචාර දක්වා “මගේ මහත්තයා විදේශගත වෙලා ඉන්නේ. ඔයා මේකට කෝල් ගන්න එපා. එහෙම වුණොත් මට නැති ප්‍රශ්න ඇතිවෙයි. අනේ ප්ලීස්” යැයි පවසා තිබූ බව පොලිසිය කියයි.
එම ඉල්ලීම පිළිනොගත් සැකකරු දින කිහිපයක්ම පොලිස් නිලධාරිනියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගැනීමක් වූයෙන් වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ සැකකරුගේ ඡායාරූපයක් ගෙන්වා ගැනීමට පොලිස් නිලධාරිනිය කටයුතු කළේ සැකකරු සැකහැර දැන ගැනීමටය.
එම කෙටි දින කිහිපය තුළ සැකකරු පොලිස් නිලධාරිනියගේ ආදර බර වචනවලට රැවටී ඔවුනොවුන් හමුවෙමු යැයි යෝජනා කිරීමට තරම් සමීප විය.
“අපි දෙන්නා හමුවෙලා කළුතර බෝධිය වඳින්න යමුද?” යැයි සැකකරු පොලිස් නිලධාරිනියගෙන් ඉල්ලීමක් කර තිබූ අතර හොරණ නගරයට පැමිණෙන ලෙසද දන්වා තිබිණි.
මඳ වේලාවක් ගතවෙද්දී සැකකරු පොලිස් නිලධාරිනිය අසලට ළංවෙත්ම අවට රැකවල්ලා සිටි සෙසු පොලිස් නිලධාරීහු මාස හයක කාලයක් පොලිසිය මඟහරිමින් සිටි සැකකරු පහසුවෙන් අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට ගත් සැකකරු 22 වියේ පසුවන්නෙක් වන අතර සොරකම් සිද්ධියකට ඇඹිලිපිටිය අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබූවකු බවද පොලිසිය කියයි.
කොළඹ - එම්.සී. පෙරේරා

