Advertisement

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිගුව ජනතා අයිතියට පත්කළ අවස්ථාවේ අධිවේගී මාර්ගයේ ගමන් ගත් ජනාධිපතිවරයාගෙන් මුදල් ලබා නොගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
බරවකුඹුක අධිවේගී මාර්ගයෙන් පිටවන ජනාධිපතිවරයා අධිවේගයේ පැමිණීමට අදාළ මුදල් ගෙවීමට සූදානම්ව සිටි අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා නියමිත ස්ථානයේ වාහනය නතර කළා. එහි රාජරියේ නිරතව සිටි නිලධාරියා අධිවේගයේ පැමිණීමට අදාළ බිල්පත ජනාධිපතිවරයාට දෙමින් “සර් මෙන්න ටිකට් එක” යයි සඳහන් කළා.
“ආ මෙන්න සල්ලි” ජනාධිපතිවරයාද පෙරළා මුදල් ගෙවීමට සූදානම් වුණා.

“අනේ සර්. මේක චාරිත්‍රයක් විධියට විතරයි කරන්නේ. සර් ටිකට් එක ගන්න. අපි කොහොමද සර්ගෙන් සල්ලි ගන්නේ” යැයි පෙරළා නිලධාරියා ජනාධිපතිවරයාට පැවසුවා.

“ඔන්න ඔතැනයි අපේ රටට වැරැදුණේ. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. මමත් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. රටක් විධියට ඉස්සරහට යන්න නම් ඔයා ඔයාගේ වැඩේ හරියට කරන්න. අපි අපේ වැඩේ හරියට කරන්නම්. එහෙම නේද” යැයි කී ජනාධිපතිවරයා බිල්පතට අදාළ මුදල් ගෙවා අධිවේගයෙන් පිට ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements