Advertisement

අටවන පාර්ලිමේන්තුව අනිද්දා (2) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසුරුවා හැරීමට නියමිතයි.

ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක වනු ඇති.
භාරකාර ආණ්ඩුව යටතේ බලතල පැවරී ඇත්තේ කැබිනට් ඇමැතිවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ රාජ්‍ය ඇමැතිවරුන්ගේ තනතුරු අහෝසි වනවා.


පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වැනිදා විසුරුවා හැරෙන බැවින් පසු සියලුම තේරීම්භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරු ලබන 5 වැනිදා කොළඹට කැඳවීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.

මැතිවරණය පැවැත්වීමේදී, ඒ ඒ දිස්ත්‍රික්කවල රාජකාරි කටයුතු සිදුකිරීමේදී මුහුණපාන ගැටලු හා ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැඩිකළ යුතු දිස්ත්‍රික්කයන්හි එම කටයුතු සිදුකෙරෙන ආකාරය, නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමේදී මුහුණපාන ගැටලු සහ පසුගිය ජනාධිපතිවරණයේදී මුහුණ පෑ ගැටලු ආදිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව .තිනෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වුවහොත්, මනාප ඡන්ද ගණන් කිරීමේදී වැඩි කාලයක් ගත කිරීමට නියමිත බැවින්, එම කාලය අවම කරගැනීම කෙරෙහිද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන්ට, නාමයෝජනා භාරගනු ලබන දිනයේ අවසාන මොහොත දක්වාම ඇප මුදල් තැන්පත් කළ හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements