Featured News

Video Gossip

Advertisement

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කරන්නේ නම් ඒ සඳහා මාන්තිව් දූපත නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

මීට පෙරද මෙම දූපත ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇති බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියා.


කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු කොරියාවේ සිට පැමිණෙන පිරිස නිරෝධායනය කළ යුතු යැයි සෞඛ්‍ය අංශ දැන් සඳහන් කර ඇති නිසා ඊට සුදුසුම ස්ථානය මෙම දූපත බවද ඔහු සඳහන් කර සිටියා.

මෙම දුපත සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන නිසා එම කටයුත්ත පහසුවෙන් කළ හැකි යැයිද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියා.

මඩකලපු නගරයට බටහිරින් පිහිටි මාන්තිව් ප්‍රකටව ඇත්තේ එහි ලාදුරු රෝහලක්‌ ඇති නිසායි.ඕලන්ද පාලන යුගයේදී පළමුව කොළඹ – හැඳල ලාදුරු රෝහල ඇති කළ බවත් ඉන්පසු ගාල්ලේ රූමස්‌සල හා මඩකලපුවේ මාන්තිව්වල පාළු හුදෙකලා ප්‍රදේශ තෝරා, ජනතාවගෙන් වෙන්වන පරිදි මෙවන් ලාදුරු රෝහල් ඇති කළ බවත් අතීත තොරතුරුවල සඳහන්.

ඒ ලාදුරු බෝවන රෝගයක්‌ නිසා.

අක්‌කර 68 කින් විශාල මාන්තිව් දූපත එදා 350-400 ක පමණ රෝගීන්ගේ නවාතැන්පළක්‌ (ජීවිත කාලය පුරා) බවට පත්ව තිබුණා.

එහි ඡායාරූප පහතින් දැක්වෙනවා.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements