සමගි ජන බලවේගය නමින් සියළු සන්ධාන නායකයින්ගේ ආශිර්වාද යටතේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සියළු සන්ධාන නායකයින් මහ මැතිවරණයට එළඹීමට තීරණය කොට තිබෙනවා.
එලඹෙන මාර්තු 2 වෙනිදා අවබෝධතා ගිවිසුමකින් සියළුම සන්ධාන නායකයින්ගේ අත්සනින් යුක්තව නව සන්ධානයේ කටයුතු ආරම්භ වීමට නියමිතයි.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මෙම සන්ධානයට එකතු වීමට විශාල පක්ෂ සංඛ්‍යාවක් මේ වනවිට සිය කැමැත්ත පලකොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.
මෙම සන්ධානයේ නාමයෝජනා සඳහා ඉල්ලුම්පත්‍ර හෙට සිට කැඳවීමට නියමිතයි

