Advertisement

ගම්පොළ, අම්බුළුවාව ප්‍රදේශයේ කුඩා පැලක ජීවත්වන දරුවන් සයදෙනකුගෙන් යුත් අසරණ දරු පවුලක් පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

වයස අවුරුදු 30ක් වන චිත්‍රාංගනී නම් මවට සිටින දරුවන් හයදෙනාගෙන් තිදෙනකු පාසල් වයසේ පසුවුවත් ඔවුන් මේ වනතුරු පාසලකට ගොස් නැති අතර, සිව්වැනි දරුවාද ලබන වසරේ පාසල් ගමන ඇරඹීමට නියමිතව සිටිනවා.
වැඩිමහල් දරුවාට වයස අවුරුදු 14ක් වන අතර කුඩාම දරුවාට වයස අවුරුද්දකි.

මෙම දරු පවුලට පදිංචිය සඳහා ඉඩම් කැබැල්ලක් හෝ නිවසක් නොමැති අතර ඒ නිසාම මෙම කැලෑබද ප්‍රදේශයේ කටුමැටි හා ඉටි රෙදිවලින් ආවරණය වූ කුඩා පැල්පතක් ඉදි කරගෙන සිටිනවා.

වසර අටක් පුරා මෙහි කටුක ජීවිතයක් ගෙවන මොවුන්ට සමෘද්ධි සහනාධාරයක්වත් නොමැති බවත් මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් හට ත්‍රිපෝෂ පැකට් එකක්වත් නොලැබෙන බවත් ඔවුහු සඳහන් කළා.

මෙරට ජන සමාජය පිළිබඳ සොයා බැලීම සඳහා රජය මගින් වැටුප් ලබන ආයතන 34ක් තිබෙන බව ප්‍රකාශ වුවද මෙම අසරණ දරුවන් පිළිබඳවත් ඒ කිසිවකුගේ අවධානය යොමුවී නැහැ.

සර්පයන් ගහණ මෙම කැලෑබද නිවසේ ඇඳක් පවා නොමැති අතර සියලු දෙනා එකට වැටී නිදන්නේ බිමය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements