වූහාන් සිට පැමිණ සිසුන් මේ සතියේ ගෙදර යයි - ජනපතිත් හමුවේ
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
,
wuhan
දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ක‍්‍රියාවලියේ නිරතව සිටින විශ්වවිiාල සිසුන් ඇතුළු 33 දෙනා මෙම සතිය ඇතුළතදී ඥාතීන්ට භාරදීමට හැකියාව ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
මේ වන විට සිසුන් ඇතුළු සියලූ දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන්ගේ නිරෝධායන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
යුද හමුදා විශේෂ වෛi කණ්ඩායමක් මෙම පිරිසට අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකරන බවත් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.
චීනයේ වූහාන් සිට දියතලාව යුද හමුදා කඳවුරට රැුගෙන ආ විශ්වවිiාල සිසුන් ඇතුළු 33 දෙනාගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපතිවරයා එසේ ප‍්‍රකාශ කළේය.
මේ අතර අදාළ සිසුන් ඇතුළු පිරිස සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර හමුවක් අකුරේගොඩ ආරක්‍ෂක හමුදා මූලස්ථානයේදී හෙට (14 වැනිදා) පස්වරුවේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

