Featured News

Video Gossip

Advertisement

කලා ක්ෂේත්‍රයට එන්න ඉස්සෙල්ලම ඉඳන් ඡන්දෙ ඉල්ලන ආසාවක් තිබුණා
බලෙන් අවස්ථා ගන්න ගියෙත් නෑ. මට මේකට ආරාධනා ලැබිල තියනවා.
මං 22 දී විවාහ වුණා. ඒ කාලෙ නිළියන් එච්චර කලින් බදින් නෑ. පස්සෙ රැල්ලක් විදිහට අනෙක් අයත් විවාහ වුණා.

ඕෂදී ගැන මේ දිනවල සමාජ ජාලා තුල වැඩිපුර කතාබහකට ලක්වෙනව. ඒ ඇය ගඩොලක් අතැතිව සිටින ඡායාරෟපයක් හේතුවෙන්.

ටෙලි නාට්‍ය නිළියක් මෙන්ම නිරූපිකාවන වන  ඕෂධී හේවාමද්දුම ඉදිරි මහමැතිවරණය සඳහා තරග වදින බවත් ඇයට ඒ සඳහා ආරාධනය ලැබී ඇති බවත් අන්තර්ජාලයේ පැවැත්වූ වීඩියෝ සංවාදයකදී අදහස් පළ කර තිබේනවා.

ඇය එම කතාබහේදී මෙසේ කියනු ලබයි.
‘මං මේ සැරේ පොහොට්ටුවෙන් ඡන්දෙට ඉදිරිපත් වෙනවා. මං ඡන්දෙ ඉල්ලන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. මං කලා ක්ෂේත්‍රයට එන්න ඉස්සෙල්ලම ඉඳන් ඡන්දෙ ඉල්ලන ආසාවක් තිබුණා. සඳලිය කියල කලා ශිල්පී එකමුතුවක් ඉස්සර පිහිටුවලා සමාජ සේවා වැඩ වල යෙදුණා. ඒකත් එක්ක තමා මං දේශපාලන වේදිකාවට ආවේ. ඒත් මේ පාර ඉල්ලන්න අදහසක් තියාගෙන හිටියේ නෑ. බලෙන් අවස්ථා ගන්න ගියෙත් නෑ. මට මේකට ආරාධනා ලැබිල තියනවා.

මං මගේ ප්‍රතිරූපය කවදාවත් බිඳිගෙන නෑ. මං 22 දී විවාහ වුණා. ඒ කාලෙ නිළියන් එච්චර කලින් බදින් නෑ. පස්සෙ රැල්ලක් විදිහට අනෙක් අයත් විවාහ වුණා. ඒත් ගොඩක් අය දික්කසාද වලට දෙවන විවාහ වලට ගියා. ඒත් මං වෙනසක් නෑ. ගොඩක් අය කියනවා මං නිළිය කියන කෙනා ගැන සමාජයේ ප්‍රතිරූපය වෙනස් කරා කියලා. මං පුද්ගලික ජීවිතේ කලමනාකරණය කරගන්න දන්නවා. ඒ නිසා මං හිතනවා දේශපාලනය කළත් මට ඒක කරන්න පුළුවන්.

මං පූර්ණ කාලීන දේශපාලනයක් කරල නෑ. ඒත් මගේ දැක්මක් තියනවා. මට හිතෙනවා මේ දේවල් අපි කරන්න ඕන කියලා. මගේ ඖෂධ පැල ප්‍රෝග්‍රෑම් එකක් තියනවා. ඒකෙදි මං මේ දේවල් දැනුත් කරනවා.

මං උදාහරණයක් කියන්නම් මං ගාව යම් යම් අදහස් දැක්මවල් තියනවා කියන්න.

දැන් කිරිපිටි එක වසයි කියනව නම් අපි බොන්නැතිව ඉඳල හරියන් නෑනෙ. ඒකට විකල්ප හොයන්න ඕන. මං මේ දවස්වල දැක්කා මුරුංගා කොළ වල තියනවා කිරිපිටි වගේ තිස් ගුණයක ගුණ අන්න ඒවගේ විකල්ප ක්‍රමවේදයක් අපි බලන්න ඕන. හැබැයි උදේට මුරුංගා කොළ තම්බ තම්බ ඉන්න බෑනෙ අපේ ගෘහණියට අපි කිරිපිටි වලට මොනව හරි ආදේශකයක් යොදාගන්න ඕන ඒ පෝෂ්‍ය ගුණයට විකල්පයක් දෙන්න. මං ඒ කිව්වෙ මගේම අදහසක්.

මේ පාර බදුල්ලේ ආසන 8 ක් තියනවා. ඒ 8න් 6 ක් පොහොට්ටුවට ලැබේවි. එජාපය දෙකක් ගනීවි. මං පළමුවෙනි පාරට එන්නෙ ජයග්‍රහණය ගැන විශ්වාසයක් තියනවා. පළමුවෙනියා වෙන්න මනාපෙන් හිතන් ඉන්නෑ. ඒත් පාර්ලිමේන්තුවට එන්න ඕන කම තියනවා.

ලංකාවේ කාන්තාවන්ට සම තැන ඕන නෑ. නිසි තැන තියනවා. ලොකු ප්‍රශ්න කාන්තාවන්ට ලංකාවෙ නෑ. උගත්කම අතින් ඉහළ තැනක ඉන්නවා.

පාර්ලිමේන්තුවට මං ගියොත් කලාව ගැන කථාකරන්න නෙමේ යන්නෙ. පොදු ප්‍රශ්නයක් වෙනුවෙන් මං පෙනී සිටිනවා. රසායන ද්‍රව්‍ය අවභාවිතාව දේශිය වෛද්‍ය පැත්ත තමා මං කැමති.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements