Advertisement

නව සන්ධානය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය තුළ පැන නැගී තිබුණු අර්බුදවලින් 95%ක ප්‍රමාණයක් විසදා ගැනීමට ඊයේ (28) සවස පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව සවස 3ට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට නියමිතව තිබුණද ඊට පළමුව වික්‍රමසිංහ මහතාගේ නිල කාමරයෙහි වික්‍රමසිංහ මහතා හා සජිත් ‌‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ජා වටයක් පැවැත්වා ඇති බව වාර්තා වනවා.

දැඩි වාද විවාද, තර්ක විතර්ක මැද පැවැත්වී ඇති ‌මෙම රැස්වීමට ‌‌දෙපාර්ශ්වයේම ‌ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පමණක් සහභාගී වී තිබුණා.

ඒ අනුව දීර්ඝ ‌වේලාවක් පැවැති ‌මෙම සාකච්ජාවේදී අර්බුදයට තුඩු දී ඇති ප්‍රශ්න රැසක් විසදා ගැනීමට ‌දෙපාර්ශ්වය සමත් වී තිබෙනවා.

මෙහිදී නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පළමුව සාකච්ජා වී ඇති අතර එහි වගන්ති 3ක් සං‌ශෝධනය විය යුතු බව වික්‍රමසිංහ මහතා ‌පෙන්වා දී ඇති අතර ඊට ‌ප්‍රේමදාස පාර්ශ්වය එකග වී ඇති බව පැවසෙනවා.

එමෙන්ම විධායක සභාව පත් කිරීමේදී 40%ක බලයක් වික්‍රමසිංහ මහතාටද, ‌ප්‍රේමදාස මහතාට 20%ක ප්‍රතිශතයක්ද, අනෙක් පක්ෂවලට ඉතිරි 40%ක ප්‍රතිශතය ලබා දීමටද ‌තීන්දු වී තිබෙනවා.

මීට අමතරව නව සන්ධානයේ සලකුණ වශයෙන් හංසයා ‌යොදාගැනීමට ‌දෙපාර්ශ්වයම එකගතාව පළ ‌කොට ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ‌මෙම එකගතාවන්ට එළඹීමෙන් පසු පිරිස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පැමිණ ඇති අතර එහිදී සියල්ලන්ටම දැනුම් දී ඇත්තේ ‌මේ වනවිට ප්‍රශ්නයෙන් 95%ක් විසදා ගැනීමට හැකියාව ලැබුණු බවත්, ඉතිරි 5% සති අන්තය වනවිට විසදා ගත හැකි වනු ඇති බවත්ය.a

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements