Advertisement

කොරෝනා වැළඳුණු චීන කාන්තාව සුවය ලබා අද උදෑසන අයි.ඩී.එච් රෝහලෙන් පිටව යාම සඳහා රෝහලේ අවසරය ලබා ගත්තා.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ඇය රෝහලින් පිටවී කටුනායක ගුවන්තොටුපොළින් අද දිනයේම චීනය බලා යාමට නියමිත බවයි.


විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව අදාළ චීන ජාතික කාන්තාවගේ ශරීරයෙන් වෛරසය ඉවත් වී ඇත්දැයි තහවරු කර ගැනීමට පරීක්ෂණ රැසක් සිදු කළ බවයි.

එම සියලු පරීක්ෂණවලදී ඇගේ ශරීරයේ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වූ බව වෛද්‍යවරයා සඳහන් කළා.

චීනයේ හුබෙයි පළාතේ පදිංචිකාරියක් වූ 43 හැවිරිදි ඇය මෙරට සංචාරයට පැමිණ සිටියදී පසුගිය මස 26 වැනි දා කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මතුවීමත් සමග රෝහල්ගතවූ අතර පසුව කළ පරීක්ෂණවලදී ඇයට එම වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වුණා.

මේ අතර විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, මේ වනවිට මහනුවර හා කරාපිටිය රෝහල්වල කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු පමණක් ප්‍රතිකාර ලබන බවයි.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements