Featured News

Video Gossip

Advertisement

අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

අධික එළවළු මිල ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා තිබේ. එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග 24 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී කියා සිටියේය.

එළවළු වගා කරන ප්‍රදේශවල සිට දඹුල්ලට එළවලු ගෙන එනු ලැබේ. ඉන් පසු දඹුල්ලේ සිට නැවත මුල් ප්‍රදේශවලටම එළවළු බෙදා හැරේ. ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය නිසා අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ යයි. මෙය කිසිසේත්ම නිවැරදි ක්‍රියාදාමයක් නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


වතු සමාගම්වලට අයත් රජයේ ඉඩම්වල පොල් වගාවට සීමා නොවී එළවළු වගාවට ඇති හැකියාව සොයා බැලීමට ද අවධානය යොමු විය.

ආර්ථික මධ්‍යස්ථාන ඇති කළේ පාරිභෝගික ජනතාවට සහ සුළු වෙළෙඳුන්ට සහන සැලසීමට වුවද ඒවා මහා පරිමාණ වෙළෙඳුන් යටතට පත්වීමෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ද අවධානයට යොමු විය. යුද හමුදාවේ ද සහය ඇතිව එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ප්‍රදේශ කිහිපයක වී ගබඩා අළුත්වැඩියා කර තිබේ. සෙසු වී ගබඩා ද කඩිනමින් පිළිසකර කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මොරගහකන්ද – කළුගග ව්‍යාපෘතියේ පදිංචිකරුවන්ගේ ගැටලු පිළිබදව ද සාකච්ඡා කෙරිණි. ඒවාට දිය හැකි කඩිනම් විසඳුම් සහ කොන්ත්‍රාත් සමාගම් වෙත කළයුතු ගෙවීම් නිසි අයුරින් නොකිරීම නිසා මතුව ඇති ගැටලු ද සාකච්ඡා කරනු ලැබීය.

උමා ඔය වැනි ව්‍යාපෘති ආරක්ෂා කිරීමට ඒ ආශ්‍රිතව රක්ෂිත ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements