Featured News

Video Gossip

Advertisement

ස්ත්‍රී දූෂණයක් සිදුකළේ යැයි කියන අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි.

ඉකුත් 19 වැනිදා නිවෙසේ තනිවම සිටි 41 හැවිරිදි කාන්තාවක දූෂණයට ලක් කළේ යැයි මන්ත්‍රිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවත් මන්ත්‍රිවරයා හා කාන්තාව අලව්ව හෙණ්ඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

හෙණ්ඩුවාව ප්‍රදේශයේ පදිංචි කාන්තාව නිවෙසේ තනිවම සිටියදී නිවෙසට ඇතුළු වී ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළේ යැයි ඇය විසින් අලව්ව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ (24දා) මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා ඊයේ (24දා) අධිකරණයට ඉදිරිපත් කිරීම පියවර ගෙන ඇති බව පොලිසිය කියයි.

කුරුණෑගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන මහතාගේ උපදෙස් පිට සහකාර පොලිස් අධිකාරි IV චන්ද්‍රසේන බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අලව්ව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

විජේසිංහ වැලිකන්ද

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements