Featured News

Video Gossip

Advertisement

ඝාතනයට ලක්වු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සුදානම් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

සේනාධිරාජා මහතා පැවසූවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි කාන්තා නියෝජනය වැඩි කිරීමට ගෙන ඇති තීරණය හමුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳ වන සෂිකලා රවිරාජ් මහත්මිය එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට පක්ෂය තීරණය කොට ඇති බවයි.

යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් සෂිකලා මහත්මිය මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් මහතා යාපනය කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක ලෙස තේරී පත්විණ.

රවිරාජ් මහතා 2006 නොවැම්බර් 10 වැනිදා වෙඩිප්‍රහාරයකට ලක්ව කොළඹදී ජිවිතක්ෂයට පත්වු අතරල හෙතෙම ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යේෂ්ඨතමයෙකු විය.

නීතිවේදීයෙකු හා ව්‍යාපාරියෙකු ලෙස රවිරාජ් මහතා කටයුතු කළ අතරල රවිරාජ් මහතාගේ ජන්ද පදනම හරහා සෂිකලා රවිරාජ් මහත්මිය දේශපාලනය වෙත පිවිසීමට නියමිතය.

එන්. ප්‍රියදර්ශනි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements