Featured News

Video Gossip

Advertisement

මරණ සැළසුම ආවේ සිර ගෙදරින්
කාන්තාව පාතාල නායකයකු වූ ඩී. මංජුගේ බිරිඳගේ නැන්දා
කොස්තාපල්ව මරන්නා කත උදවු කරලා

කඩවත පොලිස් කොස්තාපල් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට ඝාතකයන්ට මුදල් හා උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මත්කුඩු ජාවාරම සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ක්‍රිශාන්ත නමැත්තකු විසින් මෙම පොලිස් කොස්තාපල් තම බිරිඳ සමග පවත්නා අනියම් සම්බන්ධයට පළිගැනීමක් වශයෙන් පුතුන් දෙදෙනා හා ඥාති පුතුන් පොලඹවා ඝාතනය කර ඇතැයි හෙළිවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් කොස්තාපල් රියැදුරා වූ ජයන්ත රාජපක්ෂ ඝාතනය සඳහා ඔහු සමග අනියම් සබඳතා පැවැත්වූ ජබ්බි හෙවත් නිල්මිණිද, පුතුන් දෙදෙනාට සහාය වී ඇතැයි හෙළිවී තිබෙනවා.මෙම ජබ්බි නමැති කාන්තාව පාතාල නායකයකු වූ ඩී. මංජුගේ බිරිඳගේ නැන්දා වන අතර එම ඝාතනයට ඩී. මංජුගේ බිරිඳත් සහායට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

පොලිස් කොස්තාපල්වරයා ජබ්බි නමැති කුඩු හා අයිස් විකුණන කාන්තාව සමග වසර ගණනක සිට අනියම් සබඳතා පවත්වා ඇති බවත්, ඔහුද අයිස් නමැති මත්ද්‍රව්‍යය ඇතුළු මත්කුඩු භාවිතයට මෙන්ම පොලිස් සේවයේ සිටියදීම ජබ්බි සමග ජාවාරම්වලත් නිරත වී ඇති බවත් හෙළිවී තිබෙනවා.මෙම ජබ්බි නමැති කාන්තාවගේ 21 හැවිරිදි පුතා හා 14 හැවිරිදි පුතාත් අයිස් මත්ද්‍රව්‍ය පානයට හුරුවී ඇති බවත් හෙළිවී තිබුණා.

ජබ්බිගේ සැමියා වූ ක්‍රිශාන්ත සිරගත වූ පසුව පොලිස් කොස්තාපල්වරයා ජබ්බි සමග සබඳතා පවත්වමින් ක්‍රිශාන්තට අයත් ප්‍රියස් වර්ගයේ මෝටර් රථය භාවිතයට ගෙන ජබ්බිගේ මුදල්වලින් රුපියල් ලක්ෂ පහක පමණ යතුරුපැදියක්ද ගෙන ඇතැයි හෙළිවී තිබෙනවා.

මුදල් ආරවුල්වලදී කොස්තාපල්වරයා ජබ්බිට පහරදීමත්, බාල පුතාට පෙනි පෙනී ජබ්බි සමග අසංවර ලෙස හැසිරීමත් නිසා ජබ්බිගේ දරුවන් මේ ගැන සිරගතව සිටින සිය පියාට දන්වා තිබෙනවා.

මේ අනුව සිරගතව සිටින පියාගේ උපදෙස් මත වැඩිමල් පුතා වූ බන්ටි කොස්තාපල් ඝාතනය සැලසුම් කර ඇත්තේ මවගේද සහාය ලබා ගනිමිනුයි.

මේ වන විට කොස්තාපල්වරයා විසින් හොඳින් හෝ නරකින් තමන් ද, තම දේපළ ද ඇතුළු බොහෝ දේ පාලනය කරන්නට වීම ජබ්බීටද හිසරදයක් වී තිබූ බව පෙනෙන අතර ඝාතනය සඳහා ඇයගේ සහය ලැබෙන්නේ ඒ අනුවයි.

කොස්තාපල්වරයා පැහැර ගැනීම සිදුවූ පසුගිය සතියේ 17 දා ජබ්බි ඩී. මංජුගේ බිරිඳගේ නිවසට පැමිණි පොලිස් කොස්තාවල්වරයාට දුරකථන ඇමතුමක් දී ගෙන්වාගෙන කිරිබත්ගොඩ හුණුපිටිය පාරේ නෙත්සර හෝටලයට ගොස් තිබුණා.පොලිස් කොස්තාපල්වරයා හා ජබ්බි කුඩු පැකට් කිරීම සඳහා නිතර හෝටල් කාමරවලට යන එන බව හෙළිවී තිබෙනවා.

අලුයම 1.20 ට පමණ ඔවුන් හෝටලයට ගොස් ඇති අතර ජබ්බි විසින් ඩී. මංජුගේ බිරිඳ වූ තක්ෂිලාට දුරකථන ඇමතුමක් දී රෑට කෑමට දෙයක් හා සිගරට් හතරක් ගෙනවිත් දෙන්නැයි අලුයම 1.40 ට දන්නා තිබුණා. එය පොලිස් කොස්තාපල්වරයා පැහැර ගැනීමට ජබ්බිගේ පුතු බන්ටිලා කළ සැලසුමක් බව දැනට කරන පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.

ජබ්බිගේ ඇමතුමට අනුව කෑම රැගෙන තක්ෂිලා පැමිණ ඇති අතර කෑම ගැනීමට හෝටලයෙන් පිටතට යන ලෙස ජබ්බි කොස්තාපල් රාජපක්ෂට දන්වා පිටත් කර යවා තිබුණා.

තක්ෂිලා විසින් ත්‍රිරෝද රථයකින් පැමිණ කෑම දී පිටට යද්දීම ත්‍රිරෝද රථයකින් පැමිණෙන බන්ටි, සුද්දා, රවිෂාන්, තබ්බා, ඉසෙඩ් යන පස්දෙනා කොස්තාපල්ට පහර දී පැහැරගෙන ගොස් පන්නල කැලයක දී කඩුවලින් කෙටා කොස්තාපල්වරයා ඝාතනය කර තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements