ස්විස් පූජකවරයාගේ ආගමික උත්සවයට ගිය 10ක් රෝහලේ
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ස්විස් දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගිවූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වීමත් සමග එම පූජාවට සහභාගී වූ පිරිසෙන් පුද්ගලයින් 10 දෙනෙකුට ශරීරයේ ඇති වූ උණසහිත රෝග ලක්ෂණයක් හේතුවෙන් යාපනය සහ වව්නියාව රෝහල් වෙතට ඇතුලත් කොට තිබෙනවා.
එම පිරිස් වෙතට නිශ්චිතවම කොරෝණා වයිරසය ආසාදනය වී ඇත්දැයි මෙතෙක් කීමට නොහැකි බැවින් වැඩි දුර පරික්ෂණ කටයුතු සිදු කරන බවටද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවා.
යුදහමුදාව, පොලීසිය, ග්‍රාමසේවකවරුන් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර බැතිමතුන් 40 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවට තවත් අයගේ විටත් තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලැබී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය පවසනවා.
මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති අතර අදාල පූජාවට වව්නියාව මන්නාරම හා යාපනය දිස්ත්‍රීක්කයන්හි බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.

