Advertisement

චීනයේ ධනවත්ම මිනිසා වන, ’අලි බබා’ නැමැති අන්තර්ජාල අලෙවිකරණ සමාගමේ නිර්මාතෘ ’ජැක් මා විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ’ශ්‍රී ලංකාව’ ඇතුළු ආසියානු රටවල් කිහිපයකට, මුහුණු ආවරණ මිලියන 1.8ක් සහ කොරොන ’පරීක්ෂණ කට්ටල’ 210,000ක් ලබා දීමට කටයුතු යොදනු ලැබ තිබෙනවා.

ජැක් මා’ නිවේදනයක් කරමින් කියා සිටියේ වේගයෙන් මෙය සැපයීම පහසු නොවන නමුත්, එය සිදුකරන බවයි.
“ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ ‘ශ්‍රී ලංකාව’ සඳහා හදිසි සැපයුම් මුහුණු ආවරණ මිලියන 1.8ක්, පරීක්ෂණ කට්ටල 210000ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල 36,000ක්, සහ වාතාශ්‍රය සහ උෂ්ණත්වමාන අපි පරිත්‍යාග කරන්නෙමු . මෙම බෙදා හැරීම වේගයෙන් කිරීම පහසු නැත, නමුත් අපි එය සිදු කරමු..” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


ජැක් මා’ මින් ඉහත ඇමෙරිකාවට ද මුහුණු ආවරණ හා පරීක්ෂණ කට්ටල මිලියන ගනනක තොගයක් යවා තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements