Featured News

Video Gossip

Advertisement

කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී ජීවිතක්ෂයට පත් වූ පළමු රෝගියා ලෙස වාර්තාවූ මාරවිල ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නාගේ ආදාහන කටයුතු මියයාමෙන් පැය 12 ක් ඇතුළත අද(29) උදෑසන සිදුකර අවසන්වූ බව වාර්තාවේ. දැඩි ආරක්ෂක රැකවල් මැද කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී එම කටයුතු සිදු විය.

අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයේ සති දෙකකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු දැඩි සත්කාර ඒකකයේ සිටියදී ඊයේ සවස මියගිය අතර 60 හැවිරිදි මාරවිල පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලදි. වෘත්තියෙන් සංචාරක මගපෙන්වන්නෙකුවූ ඔහුට ජර්මානු සංචාරක කණ්ඩායමකින් රෝගය වැළඳී තිබුණි.

මෙම පුද්ගලයා දියවැඩියා රෝගියෙකු වූ අතර වකුගඩු බද්ධ කිරීමකටද ලක්ව ඇත.

විදේශයකින් ආනයනය කරන ලද බොඩි බෑග් එකක් තුළ දේහය රදවා පසුව එය මිනී පෙට්ටියක බහාලීමෙන් පසු රෝහලේ සිට දේහය ආදාහනාගාරයට රැගෙන ගොස් තිබේ.

අනතුරුව අධිකරණ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ දැඩි පොලිස් ආරක්ෂාව යටතේ මෘත දේහය කොටිකාවත්ත සුසාන භූමියේදී ආදාහනය කරන ලදී.

මෘත දේහය සුසාන භූමියට ගෙන යාමට පෙර ඥාතීන් දෙදෙනෙකුට දේහය හඳුනා ගැනීමට අවසර දී ඇති බවද වාර්තා විය.

පිළිගත් ජාත්‍යන්තර රෙගුලාසි යටතේ දේහය ආදාහනය කිරීම සහතික කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් සුසාන භූමියේ සිටියහ.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements