Advertisement

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඇය මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.

මෙම ගුවන් සේවිකාව පසුගිය මාර්තු 21 දා ලන්ඩන් බලා පියාසර කළ UL 503 ගුවන් යානයේ රාජකාරිවල නිරතව ඇති අතර යළි 23දා එම ගුවන් යානයෙන් සිය කාර්ය මණ්ඩලය සමග දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම ගුවන් ගමනක් අවසානයේම ඒවායේ කාර්ය මණ්ඩලය දින 14ක නිරෝධායනයකට ලක් කෙරෙනවා.

ඒ අනුව අදාළ ගුවන් සේවිකාව සමඟ කටයුතු කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මේ වනවිට නිරෝධායනයට ලක් කෙරෙන බව සඳහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements