Advertisement

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දෙරණට අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා.

කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

ඔහු මාරවිල ප්රරදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් ද පෙළුණු බවට වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements