Advertisement

රජරට ප්‍රදේශයේ පිහිටි ගුවන් විදුලි නාළිකාවක විකාශනය වූ ගීත ඉල්ලීම් වැඩසටහනකට දුරකථනයෙන් සම්බන්ධ වූ අසන්නියක් සමඟ අනියම් ප්‍රේම සබඳතාවක් ඇති කර ගෙන බිය ගන්වා තර්ජනය කර කප්පම් මුදල් ලබා ගැනීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ගුවන් විදුලි නිවේදකයකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විලච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. යූ. වසන්ත කුමාර මහතාට නියෝග කර තිබෙනවා.
ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ධෘත අධිකරණ නියෝගයක් මත නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යැවීමෙන් අනතුරුව නීතිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දීමෙන් පසුවයි.

නීතිපතිවරයාගේ එකී නියෝගයට අනුව විලච්චිය පොලිසිය මඟින් සැකකාර ගුවන් විදුලි නිවේදකයාට එරෙහිව අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඉකුත්දා විවෘත අධිකරණයේදී සැකකාර ගුවන් විදුලි නිවේදකයාට චෝදනා කියවාදෙනු ලැබුවා. නීතිඥවරයකු මඟින් ඔහු ඊට නිවැරදිකරු බව සඳහන් කළා.


කාන්තාවකගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කළ බවට නීතිපති උපදෙසින් මෙසේ නඩු පවරා ඇත්තේ එප්පාවල ඉහළ හල්මිල්ලෑව පදිංචි ගුවන් විදුලි නිවේදකයකුට එරෙහිවයි.

මෙම නඩුවේ නඩුභාණ්ඩ ලෙස සැකකාර නිවේදකයා අදාළ කාන්තාවට ඉතා අසභ්‍ය ලෙස බැන තර්ජනය කරමින් කප්පම් ඉල්ලා ඇති බව තහවුරු කෙරෙන බව කියන හඬ පටයක්, කෙටි පණිවුඩ කිහිපයක් සහ දුරකථන විශ්ලේෂණ වාර්තා කිහිපයක් නම් කර තිබෙනවා.

පැමිණිලිකාර කාන්තාවගෙන් කප්පම් (බලෙන් ලබා ගැනීමට තැත් කිරීම) ඉල්ලා ඇති බව තහවුරු කෙරෙන බව කියන එම හඬපටය මේ වන විට අධිකරණ නියෝගයක් මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඒකකයට යවා තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements