නිරෝධායනය නොකර ගුවන් යානා තුනකින් පැමිණි චීන්නු 240ක් ලංකාවට අරන්
Air China
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
චීන ජාතිකයන් 240ක් පසුගිය 07 වැනිදා සහ 10 වැනිදා නිරෝධානයට ලක් නොවී රටට ඇතුළු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා.
ගුවන්තොටුපොළ වාර්තා අනුව මෙම චීන ජාතිකයන් ගුවන් යානා තුනකින් මෙරටට පැමිණ ඇතැයි කී හෙතෙම පසුගිය 07 වැනිදා ගුවන් යානා දෙකකින් 79 දෙනෙකු සහ 101 දෙනකුද 10 වැනිදා 60 දෙනකුද පැමිණ ඇතැයි හෙතෙම සඳහන් කළා.
මෙය බරපතළ තත්ත්වයක් යැයි කී ප්‍රචාරක ලේකම්වරයා ආණ්ඩුව චීන ජාතිකයන් නිරෝධායනට තීරණයක් ගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවා ප්‍රකාශ කරන බවද සඳහන් කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලියවිල්ලක තිබෙන්නේ ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරාන ජාතිකයන් පමණක් නිරෝධායනයට ලක් කළ යුතු බව යැයිද ඊයේ පැලවත්ත ජවිපෙ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විජිත හේරත් සඳහන් කළා.

