Featured News

Video Gossip

Advertisement

ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම  වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල  ද සිල්වා මහතා පැවසීය.
නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා පැවසීය.


ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම නගර වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කළ බව පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා  සඳහන් කළේය.
ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
අද  (30) වසා දමන නගර වල සියලුම වෙළඳ සැල් වසා තැබීමට ද වෙළඳසැල් හිමියන් එකඟ වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements