විජයදාස රාජපක්ෂ මහතා සහ රෝයල් නර්සිං හෝම් පුද්ගලික ආයතනය එක්ව රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුක්ත, දැඩි සත්කාර ඒකකය සියලු පහසුකම් සහිත, නවීනතම ගිලන් රථ 2 ක්, රුපියල් මිලියන 2 කට වඩා වැඩි වටිනාකමකින් යුත් නවීනතම රෝහල් ඇඳන් 25 ක් සියළු වෛද්‍ය කාර්ය මණ්ඩලයද සහිතව මෙම කොරෝනා තත්වය මැඩපැවැත්වීමේ කාලය තුල පරිහරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීම ඊයේ (29) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස මහතාගේ මූලිකත්වයෙන්.
ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ මැදිහත් වීම මත ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ සභාපති රෝෂන වඩුගේ මහතා, ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ විධායක නිළධාරීන්, රෝයල් නර්සිං හෝම් පුද්ගලික ආයතනයේ විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.





