Advertisement

තොටළඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට නිරුවතින් පැමිණ අසූචි හා ගල් ප්‍රහාරයක් එල්ල කර පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව මෙම 31දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස, කොළඹ අංක 4 අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා සිල්වා මහත්මිය ඊයේ (19) නියෝග කළා.

මෙම කාන්තාව නිරුවතින් සිටිය දී පොලිසියේ පිරිසක් පොලුවලින් පහරදෙන වීඩියෝවක් ද අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා..


සැකකාර කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙසටද අධිකරණය නියම කර සිටියා.

හලාවත, මදුරන්කුලිය ප්‍රදේශයේ ඇයට අයත් නිවෙසක සැඟවී සිටියදී ලද තොරතුරක් මත ඇය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පීි.බී. ඉන්ද්‍රාණි නමැති හතළිස් තුන් හැවිරිදි තැනැත්තියකුයි.

මීගමුව ප්‍රදේශයේ මියගිය පාතාල සාමාජිකයකු වූ මීගමුවේ ලීනස්ගේ බිරිය වූ ඇයට එරෙහිව කොල්ලකෑමකට අදාළ නඩුවක්ද මිනුවන්ගොඩ අධිකරණයේ විභාග වෙමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියා.

ඉකුත් 16 වැනිදා පෙරවරු 11.30ට පමණ ඇය සහ තවත් අයකු හෙරොයින් සිය සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් ගන්නා බවට වරාය පොලිසියට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම සිද්ධිය වාර්තා වුණා.

කෙසේ වෙතත් වරාය පොලිසිය විසින් අනෙක් පුද්ගලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇයගේ විරෝධතාව හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා.පොලිස් නිලධාරින්ට නිරුවත පෙන්වමින් පොලිස් නිලධාරීන්ට අසූචි සහ ගල් ප්‍රහාරයක්ද එල්ල කර ඇය මෙසේ එම ස්ථානයෙන් පලාගොස් තිබුණා.

ග්‍රෑන්ඩ්පාස් තොටළඟ හැත්තෑපහේ වත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සිය සැමියා පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට නිරුවත පා විරෝධය පළ කළ මේ කාන්තාව හලාවත ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (19) මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements