Advertisement

මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් සොයාගත් විශාලතම මත්කුඩු තොගය ලෙස හෙරොයින් කිලෝ 430 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 130ක් සොයා ගැනීම සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අනුව දුමින්ද සිල්වා සමග භාරත ඝාතනය සම්බන්ධයෙන් සිර ගෙදර සිටින පාතාල සාමාජිකයෙකුගේ සොයුරකු පිළිබඳව ද තොරතුරු හෙළිව තිබෙනවා.

ඒ දෙමටගොඩ චමින්දගේ සහෝදරයා වන දෙමටගොඩ රුවන් ය.

රුවන් යනු භාරත ලක්ෂමන් ඝාතනයට දුමින්ද සිල්වා සමඟ මරණීය දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාලයේ ප්‍රබලයාගේ සහෝදරයාය.

රුවන් බන්ධනාගාරයේ සිටින්නේ විශේෂ කාර්ය බළකාය විසින් කළ වැටලීමකදී ඔහුගේ නිවෙසින් හෙරොයින් සහ අයිස් නමැති මත්කුඩු තොගයක් සොයා ගැනීමකට අත්අඩංගුවට පත්වීම නිසායි.

රුවන් මෙම ජාවාරමට සම්බන්ධවන්නේ බන්ධනාගාරයේ සිට ජංගම දුරකතනයක් නිදහසේ භාවිත කරමිනුයි.

ඒ තොරතුරු පවා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සතු වනවා.අයිස් තොගයේ ඇණවුම්කරු වූයේ රුවන්ය. ඊට අමතරව ඔහු හෙරොයින් ද ඇණවුම් කර තිබෙනවා.බ්ලූමැන්ඩල් සංඛගේ ඇණවුමට අයිස් නමැති මත්ද්‍රව්‍ය ඇතුළත් නොවන අතර ඔහුගේ ඇණවුම මුළුමනින්ම හෙරොයින්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements