Advertisement

කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරට තුල උපරිම වශයෙන් සිටිය හැක්කේ 50,000 ක පමණ පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේ සංචරණය උපරිම වශයෙන් සීමා කර ඇති නිසා දැනට නිරෝධායන යෙදෙන පිරිස් 22,000ක පමණ පිරිස සමග සම්බන්ධතා පවත්වා ඇති පිරිස අනුව එම පිරිස උපරිමය 50,000 ක් පමණ වනු ඇති බවයි.


ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත යයි සැක සිතිය හැකි උපරිම ප‍්‍රමාණය පනස්දහසක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.
මෙම තත්වය ජනතාව නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කලහොත් අවදානම අඩු කරගෙන සාර්ථකත්වයට පත් විය හැකි බවත් ඔහු කියා සිටී.
දෙරණ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements