Advertisement


ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකුට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරනවා.

එසේම පසුගිය මාර්තු 12 වැනිදා සංචාරක වීසා මත මෙරටට පැමිණි ඉන්දියානුවකුටද වෛරසය ආසාදනය වී ඇතැයි එම වාර්තාවේ සඳහන්.

පෙරේදා (24) දිනයේ ‘ද හින්දු’ පුවත්පත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගෙන් කළ විමසීමකදී ඔහු මේ බව තහවරු කර තිබෙනවා.

මේ අතර ඉන්දීය වසංගත රෝග පිළිබඳ විශේෂඥයකු වන වෛද්‍ය රන්නන් එළියන උපුටා දක්වන ‘ද හින්දු’ වාර්තාව සඳහන් කරන්නේ අදාළ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණි දිනවලදී ඉන්දියාවේ කොවිඩ් – 19 ආසාදිතයන් 200ක් පමණ වාර්තා වී තිබුණු බවයි.

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව ‘අධි අවදානම් කලාපයක්’ ලෙස සැලකිය යුතු බවත් ඉදිරියේදී මෙරට ගුවන් තොටුපොළ විවෘත කළ පසු ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පැමිණි පිරිස් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements