Advertisement

කොවිඞ් 19 වයිරසය ආසාදිත යැයි සැකකරන පුද්ගලයින් 508 දෙනෙකු රත්නපුර දිස්ත‍්‍රික්කයේ සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව පසුවන බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

මේ වනවිට දින දාහතරක ස්වයං නිරෝධානයට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 609ක් වන බවත් ඔවුන්ගෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකළත් ඒ අය සම්බන්‍ධයෙන් සෞඛ්‍ය අංශ තවදුරටත් උපදෙස් දෙමින් අධීක්‍ෂණ කටයුතු සිදුකරන බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යවරයා කීවේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඞ් 19 වයිරසය ආසාදිත බවට අනාවරණය වූ පුදගලයන් තිදෙනෙක් මේ වනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

ඊට අමතරව පැල්මඩුල්ල සහ ගොඩකවෙල ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වයිරසය ආසාදිත දැයි පරීක්‍ෂා කිරිමට රත්නපුර මහ රෝහලේ විශේෂ නිරෝධායන ඒකකයට ඇතුළත් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements