Advertisement

පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හොරොව්පොතාන පොලිසිය කියයි.

හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ හැත්තෑවකට ආසන්න පිරිසක් අද (27) දහවල් දේව මෙහෙයක නිරතව සිටින බවට හොරොව්පොතාන පොලිසියට තොරතුරු ලැබී තිබිණ.


ඒ අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජෙයරත්න, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතා ඇතුළු නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් තිබේ.

නිලධාරීන් එම ස්ථානයට පැමිණිමත් සමඟ දේව මෙහෙයේ යෙදී සිටි පනහකට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් පැනගොස් ඇති අතර දාහත් දෙනෙකු පමණක් එම ස්ථානයේ රැඳී සිට ඇත. පොලිසිය පවසන්නේ පැන ගිය පිරිසගේ පාවහන් ජෝඩු පනහක් එම ස්ථානයේ තිබී සොයාගත් බවය.

පල්ලියෙ සභාපතිවරයා ඇතුළු රැඳී සිටි දාහත් දෙනාගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පැනගිය අනෙකුත් පනස් දෙනා සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජයරත්න මහතාගේ උපදෙස් අනුව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් මහතා ඒ මොහොතේම එම ස්ථානයට ගෙන් වා අදාල පල්ලියේ දොරවල් වසා දැමීමට මේ වන විට කටයුතු කර ඇත.

අද දහවල් 2ට පමණ හොරොව්පතාන පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් සවස පොලිස් බැඳුම්කරයක් මත පිරිස නිදහස් කල බවත් අප සිදුකල විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements