Advertisement

හැමදේම ඉවසගෙන මාස 9 ක පැටව් දෙන්නෙකුත් එක්ක කාමරේකට ගුලිවෙලා ගෙවපු දවස් 14 කවදාවත් අමතක වෙන්නෙ නෑ.
තුන්වේල කන්න දීලා පුළුවන් උපරිමයෙන් අපේ අවශ්‍යතා ඉටුකරා

කොරෝනා වසංගතය අපේ රටේ ව්‍යාප්තවීම පටන් ගැනීමත් එක්ක කටුනායක ගුවන්තොටුපළින් රට තුළට එන බොහෝ පිරිසක් නිරෝධායන මධ්‍යස්ත වෙත ගෙනගොස් දින 14ක නිරෝධාන ක්‍රියාවලියකට ලක් කරන්න රජය ඉතා දැඩි තීරණයක් ගත්තා ඔබට මතක ඇති.

ඉතින් මේ නිරෝධායන වැඩසටහන සාර්ථකව අවසන් පිරිසක් පහුගිය දින දෙක තුන තුළදී ආපසු ඔවුන්ගේ නිවෙස් බලා පිටත්කර හැරියා.

අදත් මේ වගේම 309 දෙනෙකුගෙන් යුතු පිරිසක් දියතලාව යුධ හමුදා කඳවුරේ දින 14 නිරෝධායන වැඩසටහනෙන් පස්සේ ආපසු තමන්ගේ නිවෙස් බලා ගියා.

ඒ අතරේ මේ කඳවුරේ දින 14ක් ගතකල එක් තරුණියක් ගෙදර යන්න පිටත් වෙන්න මොහොතකට කලින් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ බොහොම සංවේදී සටහනක් තියලා තිබුනා.


දින 14 ක නිරෝධා⁣යනයෙන් පසු,

අද ගෙදර යමි

ජීවිතේට ලැබුනු වෙනස්ම අත්දැකීමක්.

දුෂ්කරතා බොහොමයක් තිබුනත් හැමදේම ඉවසගෙන මාස 9 ක පැටව් දෙන්නෙකුත් එක්ක කාමරේකට ගුලිවෙලා ගෙවපු දවස් 14 කවදාවත් අමතක වෙන්නෙ නෑ.

තුන්වේල කන්න දීලා පුළුවන් උපරිමයෙන් අපේ අවශ්‍යතා ඉටුකරලා. එන දවසෙ උදේට කෑමත්, මඟදි කන්න දවල් කෑමත් ඔතල දීල අපිව බලාගත්ත

#SLARMY ගොඩක් ස්තුතියි

ඒ වගේම ගුවන් තොටුපලේ ඉඳන් මේ දක්වා ආපු ගමනේදි

ගොඩක් සුන්දර හදවත් තිබුන මිනිසුන් මුන ගැහුනා.

අපි හොදයි කියල හිතපු අය ⁣උදව් නොකරපු වෙලාවල් වලදි..කවදාවත් දැකල නැති අය අපිට උදව් කලා.

තාමත් අපේ ලංකාවෙ

මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා

අන්තිමට කියන්නේ කවුරැත් කලබල වෙන්න එපා

අපි ගෙදර එනවට,

#කොරියාවෙ_අපේ_අය_ලංකාවට_වෛරස්_ගෙනාවෙ_නෑ

නදී සමරසිංහ

දියතලාව





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements