Featured News

Video Gossip

Advertisement

හිටපු ආණ්ඩුවේ අය විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ සිටින සමහරුන් පවා දැන දැනත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අවශ්‍ය පියවර ගත්තෙ නෑ අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධව යම් ප්‍රකාශයක් ජනතාවට ලබාදේවි කියලා.

ගිය ආණ්ඩුවේ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ සිටින සමහරුන් දැන දැනම පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ අවශ්‍ය පියවර ගෙන නෑ. රටේ හිටපු ලොකුම නායකයන්, එසේම සිද්ධියට ගෑවී සිටින සියලුදෙනා සී.අයි.ඩී.යට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි. අපිට ඡන්ද තිබ්බත් එකයි නැතත් එකයි. අපි ජනතාවත් එක්ක පාරට බහින්න සූදානම් යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ කියා සිටියහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ හැත්තෑ තුන්වැනි අගරදගුරු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රාගම බැසිලිකා දෙව් මැඳුරේ පසුගියදා (07දා) පැවැති සැමරුම් උත්සවයකට සහභාගි වෙමිනි.
අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වූ අතර එහිදී උන්වහන්සේ කියා සිටියේ, මොන පක්ෂයේ අය වුවත් මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා නොබැලීම ‘අසික්කිත’ වැඩක් බවයි. 

මෙම සිද්ධියට සම්බන්ධ කිසිවකුට අපේ කතෝලික ජනතාවගේ ඡන්දය ඉල්ලන්න නුසුදුසු බවද උන්වහන්සේ පෙන්වා දෙනු ලැබූහ.

එහිදී තවදුරටත් කතා කරමින් උන්වහන්සේ මෙසේද කීහ.

“පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදෙයක් සොයා නොලබපු රටේ හිටපු ලොකුම නායකයන් මේ ගැන සොයා නොබලපු තත්ත්වයක් ගැන කතා වෙනවා. හිටපු ආණ්ඩුවේ අය විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ සිටින සමහරුන් පවා දැන දැනත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අවශ්‍ය පියවර ගත්තෙ නෑ කියලා කියනවා. කොයි පක්ෂයේ අය වුවත් මේ ගැන සොයා නොබැලීම අසික්කිත වැඩක්. මේ සිද්ධිය පිළිබඳව සොයා නොබැලූ එසේම මේ සිද්ධියට සම්බන්ධ අයට අපේ කතෝලික ජනතාවගේ ඡන්දය ඉල්ලා සිටීම සුදුසු නෑ. මේ සිද්ධියට අදාළව කෙරෙන පරීක්ෂණ කටයුතු මදි. කරුණාකරලා පාස්කු බෝම්බ ප්‍රහාරයට නම ගෑවිලා හරි තියෙන හැමෝම, කොටින්ම ‘උඩින්ම හිටිය’ කෙනා හරි නිද්‍රාශීලීව සිටි අය හරි සී.අයි.ඩී.යට ගෙනැල්ලා ප්‍රශ්න කළ යුතුයි තනතුරුවලින් අපට වැඩක් නෑ.

සහරාන්ලාගෙ කණ්ඩායමත් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට නම් සඳහන් වෙනවා නම් ඒ අය දේශපාලන වේදිකාවට ගන්න හොඳ නෑ. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධව යම් ප්‍රකාශයක් ජනතාවට ලබාදේවි කියලා. නිලධාරීන් නිහඬ කිරීමේ වැඩපිළිවෙළක් තිබිලා තියෙනවා. ඒක ඉතා පැහැදිලියි. සාක්ෂිවලින් ඒක පැහැදිලිව පේනවා. මෙම සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් රට හැර යෑමේ තත්ත්වයක් තිබෙන බව අපට පේනවා. හැකි ඉක්මනින් අපිට මේ පිළිබඳ විසඳුමක් අවශ්‍යයි. අපේ ජනතාවගේ අයිතිවාසිකම් ගැන අපි කතා කරනවා. ඒ නිසා මැතිවරණ, ඡන්දය තිබ්බත් එකයි නැතත් එකක් අපි ජනතාව සමඟ පාරට බහිනවා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements