Featured News

Video Gossip

Advertisement

රුපියල් කෝටි ගණනක තීරු බදු වංචා කරමින් පසුගිය රජය කාලයේ සිදුකර ඇති මහා පරිමාණ සහල් ජාවාරමක් පිළිබඳව රේගුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

හෝටල් කර්මාන්තයට අවශ්‍ය බාස්මතී සහල් ආනයනය කිරීමේදී ලබාදෙන තීරුබදු සහනය පාවිච්චි කරමින් මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බවද රේගුව සඳහන් කරනවා.

වෙළෙඳ ගිවිසුමක් භාවිත කරමින් පාකිස්තානයෙන් බාස්මතී සහල් බව හඟවමින් සාමාන්‍ය වර්ගයේ සහල් ආනයනය කර ඇති බවත්, බාස්මතී සහල් සඳහා ලබාදෙන තීරු බදු සහනය පාවිච්චි කරමින් මෙරටට ගෙනවිත් ඇති සාමාන්‍ය වර්ගයේ සහල් ටොන් 3000 ක් අඩංගු කන්ටේනර් සියයකට අධික ප‍්‍රමාණයක් රේගු භාරයට ගෙන පරීක්ෂණ කරගෙන යන බවත් රේගු ආරංචි මාර්ග පවසනවා.

පාකිස්තානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම යටතේ තීරු බදු නිදහස යටතේ වසරකට බාස්මතී සහල් ටොන් 6000 ක ප‍්‍රමාණයක් මෙරටට ආනයනය කළ හැකි බවත්, ඒ අනුව සහල් කිලෝවකට රුපියල් 65 ක පමණ බදු සහනයක් ලැබෙන බවත්, එම නිදහස පාවිච්චි කරමින් මෙම වංචාව සිදුකර ඇතිබවත්, රේගුව වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය කාලයේ දිගටම මෙම ජාවාරම සිදුවී ඇති බවත්, මෙමගින් රජයට රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර ඇති බවත්, දැනටත් පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් මෙම ජාවාරම සිදුවන බවත් එම රේගු ආරංචි මාර්ග සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements