Advertisement

හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුද්දීන් සහ කබීර් හෂීම් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන ​ෆෙටෝ හි මෙරට ව්‍යාපාරවලට සම්බන්ධ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඊයේ (5 ) අනාවරණය වුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රියානි ධම්මිකා කුමාරි මහත්මිය ඊයේ (5 ) මෙම කොමිසම හමුවේදී සාක්ෂි ලබා දුන්නා.

එහිදී කොමිසම සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් දෙදෙනාම සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ තුර්කි ත්‍රස්ත සංවිධානයක් මෙරට ව්‍යාපාර පවත්වාගෙන ගිය බවත් ඒ සඳහා හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුද්දීන් සහ කබීර් හෂීම් සම්බන්ධ වී කටයුතු කළ බවත්ය.

මෙම ව්‍යාපාර සඳහා වැඩි ආයෝජනයක් රිෂාඩ් බදියුද්දීන් හිටපු ඇමැතිවරයා යොදවා ඇති බවද කොමිසම හමුවේදී හෙළිවිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements