Advertisement

ලංකා බැංකුවේ සියලුම ශාඛාවල අද දින( 6) සංකේත වර්ජනයක් පවත්වන බව ලංකා බැංකු ශාඛා සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුරාධ නිරාජ් පීටර් මහතා සඳහන් කරයි.
ලංකා බැංකුවේ මහ කළමණාකාර තනතුර පත් කිරීම සඳහා වසර 80 ක කාලයක් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත නොසලකා අමාත්‍ය මණ්ඩල සංදේශයකින් අඩු සුදුසුදුකම් ලැබූ අයෙක් පත් කිරීම පිළිබඳව විරෝධය දක්වා හෙට සංකේත වැඩවර්ජනයක් පවත්වන බව අනුරාධ මහතා කීය.

ලංකා බැංකුවේ මහ කළමණාකාරවරයා වශයෙන් කටයුතු කළ පූර්ණ සුදුසුකම් ඇති කීර්තිමත් නිලධාරියෙකු වූ සෙනරත් බණ්ඩාර මහතා අමාත්‍ය මණ්ඩලයේ අත්තනෝමතික තීන්දුවක් මත ඉවත් කර ඔහුට වඩා අඩු සුදුසුකම් ඇති පුද්ගලයෙකු අමාත්‍ය මණ්ඩල තීන්දුව මත පත් කිරීම පිළිබඳව මෙම විරෝධය පැවැත්වෙයි.

රට පුරා ලංකා බැංකු ශාඛා 637 ක 10,000 ක පමණ බැංකු සේවක පිරිසක් සේවය කරති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements