ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන්, සිනමා නළුවකු වන අර්ජුන් කමලනාත් හා හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම තිදෙනාට නාම යෝජනා ලබා දී නොමැති බව වාර්තා වනවා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඊයේ (17) ගාල්ල දිස්ත්‍රික්කය සදහා භාරදෙනු ලැබූ නාම යෝජනා ලැයිස්තුවේ මොවුන් තිදෙනාගේ නම් සදහන් ව නොතිබුණා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙහි ආරම්භක සාමාජිකයෙකුවූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මහ මැතිවරණයේ දි එම පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරගවදින බව මාධ්‍ය හමු පවත්වා ප්‍රකාශයට පත්කොට තිබුණා.
ඒ වෙනුවට ඔහුගේ නම පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම සිනමා නළු අර්ජුන් කමලනාත් ද ජාතික නිදහස් පෙරමුණේ විමල් විරවංශගේ ආරාධනයෙන් ගාල්ලට පොදුජන පෙරමුණෙන් තරග වදින බව සදහන් කරමින් සමාජ ජාල සඳහා වීඩියෝ ද නිකුත් කර තිබුණා.
තිලකරත්න දිල්ෂාන් හා අර්ජුන කමලනාත් දෙදෙනා ඉදිරි මහමැතිවරණය ඉලක්කකොට ගෙන ගාල්ල දිස්ත්‍රික්කය තුල මැතිවරණ ප්‍රචාරක කටයුතු ද ආරම්භකොට තිබු බවයි වාර්තා වන්නේ.
බද්දේගම ආසනයේ ශ්‍රි.ල.නි.පක්ෂයේ ආසන සංවිධායක එ.ජ.නි. සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගමටද නාම යෝජනා හිමිවි නැහැ.

