Advertisement

කොරෝනා වෛරසයට වැලදී සිටි බවට ඊයේ (12) දිනයේදී හඳුනාගනු ලැබූ 44 හැවිරිදි පුද්ගලයා ඊට පෙර එම වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ පුද්ගලයා සමග දඹුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක එකට නවාතැන් ගෙන සිට ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ දෙවන රෝගියාට එම වෛරසය පළමුව වාර්තාවූ පුද්ගලයාගෙන් වැළදෙන්නට ඇති බවට විශ්වාස කරන බවයි.

කොරෝනා වෛරසයට වැලදී ඇති බවට හඳුනාගත් දෙවන රෝගීයා ද සංචාරක මගපෙන්වන්නෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

මේ වන විට එම පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් සහ ඔහු ආගිය ස්ථාන සම්බන්ධයෙන් විස්තර ලබා ගනිමින් සිටින බවටද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් නිරන්තරයෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට ජනතාව පෙළඹිය යුතු බවටද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements